සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලසා එලොව යැව්වේ මිදිගම රුවන් ! පොලිසිය විමර්ශන අරඹයි…

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම ප්‍රාදේශීය සභා‍වේ සභාපති ලසන්ත වික්‍රමසේකර නො‍හොත් ලසාට වෙඩි තබා ඝාතනය කිරීම කලක් ඔහු සමඟ පාතාල අපරාධවල නිරත වූ කල්ලියේම ප්‍රබලයකු‍‍ගේ වැඩක් බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ.

මෙම ඝාතනයේ සැකය මේ වන විට එල්ල වී ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන් නමැති පාතාලයේ ප්‍රබලයා වෙතය. හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන මිදිගම රුවන් 2024 වසරේ මැයි 30 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී. හරක් කටාගේ තවත් ප්‍රධාන ගෝලයෙක් වන මිදිගම චූටි මේ වන විට ඕමාන් බන්ධනාගාරයක රඳවා සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ගේ ද සහාය ඇතිව හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට පසුගිය කාලයේ ඩුබායිහි සිට සැලසුම් කරනු ලැබුවේ ද මිදිගම රුවන් සහ චූටි එක්වය.

මිදිගම ලසා – මිදිගම රුවන් ගැටුම

ඝාතනයට ලක්වූ ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් ලසා ද හරක් කටාගේ කල්ලියේ කාලයක් තිස්සේ සිටි ප්‍රබල ක්‍රියාකාරිකයෙකු ලෙස පොලීසිය හඳුනා‍ගෙන සිටියේය. හරක් කටා මැඩගස්කර‍ෙය්දී එරට පොලීසියට හසුවී මෙරටට භාරදීමෙන් අනතුරුව ලසන්ත වික්‍රමසේකර ඔහුගෙන් ඈත් වී ඇති බව සඳහන්ය.

ඒත් සමඟම හරක් කටාගේ කණ්ඩායම සහ ලසන්ත වික්‍රමසේකර අතර හිත් අමනාපයක් වී ඇති බව සඳහන්ය. පසුගිය සැප්තැම්බර් 24 වැනිදා වැලිගම ඉබ්බාවල කළ වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගත් ටී – 56 ගිනිඅවි 04 ද මිදිගම රුවන්ට අයත් බව අනාවරණය වී තිබුණි. මිදිගම රුවන්ගේ ඥාතියකුගේ නි‍වසක ගිනිඅවි සඟවා තිබී ඇත.

ඒ සම්බන්ධ‍යෙක් අඹුසැමි යුවළක් ද පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම ඝාතනය හා එම ගිනිඅවි විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගැනීම අතර යම් සම්බන්ධයක් ඇතැයි සැකයක් ද පවතී. එම ගිනිඅවි සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට ඔත්තුව ලබා දුන්නේ ලසන්ත වික්‍රමසේකර බවට තදබල සැකයකින් මිදිගම රුවන් සිට ඇති බවට තොරතුරු ද විමර්ශන කණ්ඩායම් වෙත ලැබී ඇත.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ලසන්ත වික්‍රමසේකරට මිදිගම රුවන්ගේ කල්ලියෙන් පසුගිය කාලය පුරාම තර්ජන එල්ලවී තිබී ඇත.

’ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එක ගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනික උඹට මම ගහන්න ඉන්නවා කිය කියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ.’යනුවෙන් ද පසුගිය කාලයේ මිදිගම රුවන් සිය මුහුණුපොතේ සටහනක් ද තබා තිබී ඇත. එම සටහන තබා ඇත්තේ ද ඔහු බන්ධනාගාරයේ රඳවා සිටියදීය.

ලසාගෙන් පොලිස්පතිට ලිපියක්….

තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් ලසන්ත වික්‍රමසේකර විසින් පසුගිය අගොස්තු 29 වෙනිදා පොලිස්පතිවරයාට ලිපියක් ද යොමුකර තිබී ඇති බව සඳහන්ය. මිදිගම රුවන්ගෙන් එම තර්ජනය එල්ල වී ඇති බව එහි සඳහන්ව තිබී ඇත.

“මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බව සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ල කර ඇත.”

“ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට, විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මාහට දැනගැනීමට හැකියාව ලැබුණා.”

“මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද, ඒ බවට දැන් දැන් සිදු වන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින් ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.  එම ලිපි‍යෙහි එසේ දක්වා තිබී ඇත.

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභික නීතිඥ තාරක නානායක්කාර මහතා  නි‍වසට ඉකුත් ජූලි මස 16 වනදා වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද ලසන්ත වික්‍රමසේකර වෙතය.

මේ ඝාතනයේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත ජයමිණි ගේ මෙහෙයවීම යටතේ වැලිගම පොලිස් ස්ථානාධිපති සනත් කුමාර ප්‍රමුක නිලධාරීන් පිරිසක් පරීක්ෂණ කණ්ඩායම් හතරක් යොදා පරීක්ෂණ ආරම්භ කර ඇත. ( දිනමිණ )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පද්මේ සමග නිලියන් – නිරූපන ශිල්පිනියන් 05ක් සම්බන්ධතා පවත්වලා…

Next Post

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිගේ දේහය නිවසට…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.