ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්තු 4 සිකුරාදා නිකුත් කළ තීන්දුවෙන් අනතුරුව නිවු ෆෝට්රස් එනජි සමාගම අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලංකාවේ සිදුකිරීමට ගිවිසුම්ගතව ඇති එල්.එන්.ජී ස්වභාවික වායු බලශක්ති ව්‍යාපෘතිය නතර කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති සියලුම මූලික අයිතිවාසිකම් වැඩිදුර විභාගයකින් තොරව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමත් සමග නිව් ෆෝට්රස් එනජි විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම නිවේදනයේ දැක්වෙන්නේ නිව් ෆෝට්රස් එනජි සහ ශ්‍රී ලංකා රජය 2021 සැප්තැම්බර් මාසයේදී නිශ්චිත ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට අත්සන් තැබූ බවය. එමඟින් නිව් ෆෝට්රස් එනජි සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරන අතර කොළඹ වෙරළට ඔබ්බෙන් නව එල්.එන්.ජී. ගෑස් පර්යන්තයක් සංවර්ධනය කරනු ඇත.
එමෙන්ම නිව් ෆෝට්රස් එනජි සමාගමට කෙරවලපිටිය බලාගාර සංකීර්ණයේ ගෑස් සැපයුම් අයිතිය හිමි වේ. ශ්‍රී ලංකා රජය විසින් මුලින් ඇස්තමේන්තුගත කළ එල්.එන්.ජී ගෑස් ප්‍රමාණය වන දිනකට ගැලුම් මිලියන 1.2ක ප්‍රමාණයක් දැනට ක්‍රියාත්මක වන මෙගාවොට් 310ක ධාරිතාවක් සහිත යුගදනවි බලාගාරයේටත් ඊට අමතව මෙගාවොට් 350ක ධාරිතාවක් සහිත සෝබාදනවි බලාගාරයටත් සැපයීම සඳහා වර්ෂ 2023 දී මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
මෙම ක්‍රියාවලිය සිද්ධ වන්නේ ගිවිසුමේ නිශ්චිත කොන්දේසිවලට යටත්වය.
” අධිකරණය මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කිරීම ගැන අපි සතුටු වෙනවා. නිව් ෆොට්රස් එනජි සමාගමට දැන් අපේ සැලසුම්වලට අනුව ඉදිරියට යා හැකියි. ශ්‍රී ලංකාවට පිරිසිදු ඉන්ධන වඩාත් විශ්වාසදායක ලෙස සහ දැරිය හැකි මිලකට ලබා දීමේ අපගේ සැලසුම් සමඟින් ඉදිරියට යා හැකියි.. ” නිව් ෆොට්රස් එනජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙස් ඊඩන්ස් පවසයි.
“සියලු ශ්‍රී ලාංකිකයින්ට තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් සඳහා මග පාදන නවීන බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරමින් ශ්‍රී ලංකා රජය සමඟ හවුල් වීමට අප බලාපොරොත්තු වෙනවා.”
- ද නිව්ස්වයර්







