ශ්‍රියානි විජේසිංහ
වෛද්‍යවරු රටහැර යාම සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් මේ වන තෙක් බලධාරින්ගෙන් නොලැබුණු බැවින් ලබන 1 වෙනිදා සිට ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු සදහා සැලසුම් කෙරෙන ජංගම ගිලන්රථ සේවාවන්ගෙන් ඉවත් වීමට අද පැවැති මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම තීරණයට අමතරව ජංගම සායන ඇතුළු රෝහල්වල රාජකාරිවලින් පාරිපබාහිරව සිදුකරන අනෙකුත් සියලුම සේවාවන්ගෙන් ඉවත් වීම, වෛද්‍යවරුන් නොමැති වීමෙන් ලැයිස්තුගත කල පර්යන්ත රෝහල් වසා දැමීමට තිරණය කිරීම , වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබා දිමට රජය තවදුරටත් මැලිවන්නේ නම් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට දිනවකවානු තීරණය කිරීමට විධායක සභාව ඉදිරියේදී තීරණය කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේය.