නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇත.
එය විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පොලීසියට භාරදී ඇත.
රෝහල් ගොඩනැගිල්ලේ පළමු මහලේ වැසිකිළියක හොදින් පෙනෙන පරිදිි තබා තිබී අත්බෝම්බයක් වැනි යමක් තිබෙන බවට ලද තොරතුරු මත එම ස්ථානයට ගිය බෝම්බ නිෂ්ක්‍රීය අංශය එය පරීක්ෂා කර ඇත.
ගරාජය වෙත ගෙනගොස් පරීක්ෂා කර ඇති අතර අනතුරක් නොමැති තත්ත්වයෙන් පොලීසියට වැඩිදුර විමර්ශන සදහා බාරදී ඇත.
මෙම අත්බෝම්බය ගෙන ආවේ කවුරුන් ද කුමක් සදහාද යන්න පරීක්ෂණ ක්‍රියාත්මකයි.