ලංකාව ඇතුළෙත් අමෙරිකානු ඩොලර් හොරට ගහලා මාට්ටු

ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මෙරට මුද්‍රණය කර බෙදාහැරීමක් මෙරටදී සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කරයි.

ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු එසේ ව්‍යාජ ලෙස මුද්‍රණයකර ඇති අතර විශාල මුුදල් ප්‍රමාණයක් බෙදාහැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුවේ විමර්ශනවලින් හෙළිවී තිබේ.

ඇමරිකානු ඩොලර් නෝ්ට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමේ ජාවාරම ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ප්‍රාදේශීය මට්ටමින් පසුගිය දිනවල ව්‍යජ රුපියල් නෝට්ටු මුද්‍රණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන කාර්යාංශය විසින් ප්‍රශ්න කරමින් කළ වැඩිදුර විමර්ශනයේදී බවද අජිත් රෝහන මහතා සදහන් කළේය.


ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණයකර ඇත්තේ පරිගණක ආශ්‍රිතව මුදුණ යන්ත්‍ර යොදාගෙනය. ඒ සැබෑ නෝට්ටුවට සමාන ලෙස ඒවා මුදුණය කිරීමට නවීන වර්ගයේ ප්‍රින්ටරයක් මෙන්ම විශේෂිත කඩදාසිද භාවිතාාකර තිබේ.

එම ප්‍රින්ටරටය ඇතුළු පරිගණක උපාංගත් මුද්‍රණය කළ නෝට්ටු රැසකුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කන්තලෙන් සහ අනුරාධපුරයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගේ තොරතුරු මත සොයාගෙන තිබේ.

ඇමරිකානු ඩොලරයේ වටිනාකම රුපියලට වඩා ඉහළ ගොස් ඇති බැවින් මෙම ජාවාරම කිරීමට මෙම සැකකරුවන් පෙළඹි ඇති බව පෙනී යන බවත් මෙම ඡාවාරමට සම්බන්ධ තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් අජිත් රෝහන මහතා කීය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක්ද අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණ ව්‍යාජ ලෙස මුද්‍රණයකරන ලද මෙම නෝට්ටු සම්බන්ධයෙන් යම් සොයා බැලීමක් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් ව්‍යාජ නෝට්ටුවක් ඔබ අතට පත්වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011- 2326670 ‍හෝ 011-2320145 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස අජිිත් රෝහන මහතා සදහන් කළේය. එසේ නොමැතිව ඔබ තමන්ට පාඩ්වක් වනු ඇතැයි සිතා එම නෝට්ටුවෙවන් ගනුදෙනු කිරීමට ගියහොත් සිදුවන්නේ ඔබත් ව්‍යාජ නෝට්ටු බෙදා හාරීමේ වරදකරුවෙක් බවට පත්වීම යැයිද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version