ලංකාවේ මිනිස්සුන්ගෙන් කෝටියක් දෙනා එක් එන්නත් මාත්‍රාවක්වත් අරගෙන…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මේවන විට කෝටියකට කොවිඩ් මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අනුරාධපුරයේ දී පැවසුවේය.

අද වනවට ලංකාවේ අවුරුදු 30ට වැඩි ජනගහණය ලක්ෂ 115ක් බවත්, මේ වනවිටත් ඉන් ලක්ෂ 100කට කොවිඩ් එන්නත ලබා දී ඇති බවත් ඔහු කීවේය.

එන්නත් නොකළ වයස අවුරුදු 30ට වැඩි පිරිස තව ඉතිරි වී ඇත්තේ ලක්ෂ 15ක් පමණක් බව කී ඇමතිවරයා ජනාධිපතිවරයා තමන්ට දුන් අභියෝගය වූයේ අගෝස්තු මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම පෙන්වා දුනනේය.

රටේ සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල සහයෝගයෙක් එම ඉලක්කය ඊට පෙර නිම කළ හැකි බව ඇමතිවරයා කීවේය.


Exit mobile version