ශ්‍රී ලංකාවේ මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්, සංක්‍රාන්ති කාල සඳහා දිගු කාලීනව හෝ කෙටි කාලීනව ලංකාවේ රැඳී සිටි පුද්ගලයන් පවා සිය රටට ඇතුළු වීම තහනම් කරමින් සිංගප්පූරුවේ කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) තහනම් නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකට මෙම තහනම බලපානු ලබන බවත්, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය යන රටවල සංචරය කර ඇති පිරිස් ද මීට ඇතුළත් බවත් සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග තහවුරු කළේය.
පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන්ට මේ අනුව හෙට (02 ) සිට සිංගප්පූරුව වෙත පැමිණීම තහනම් වන බවත් එම රටවල සංක්‍රාන්ති (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇති බවත් පැවසේ.
සිංගප්පූරු බලධාරීන්ගෙන් පූර්ව ප්‍රවේශ අනුමැතිය ලබා ගත් අයට ද එය අදාළ වන බව එරට රජය කියා සිටී.
තවද ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානය සහ යන රටවල සංචාරය කර දැනට සිංගප්පූරුවට පැමිණ ඇති අය හට දින 14 ක නිරෝධායන කාලයක් අනිවාර්යය කර ඇත. මෙය තවත් දින 7 කින් දීර්ඝ කරනු ලබන බව සිංගප්පූරු කොවිඩ් 19 බහු අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.