ලංකාවට එන්න බැසිල් අමෙරිකාවෙන් පිටත් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඇමරිකාවෙන් පිටත් වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු ඉදිරි පැය කිහිපය තුළ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

දැනට සති කිහිපයකට පෙර ඇමරිකාව බලා පිටත් වූ බැසිල් රාජපක්ෂ මහතාගේ සංචාරය මෙරට තුළ තරමක විවේචනයට ද ලක් විය.


පසුගියදා ඉහළ ගිය ඉන්ධන මිල, බැසිල් රාජපක්ෂ මහතා පැමිණි පසු යළි පහළ දමා ගත හැකි වනු ඇතැයි ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරු වරින් වර ප්‍රකාශ කර තිබිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැසිල් රාජපක්ෂ මහතා දැනට අමාත්‍ය ධුරයක්, මන්ත්‍රී ධුරයක් හෝ නොදරන නමුත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ ජනාධිපති විශේෂ නියෝජිතයා ලෙස සභාපතිත්වය දරන්නේ බැසිල් රාජපක්ෂ මහතාය.

Exit mobile version