තුර්කියේ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී ෆෙටෝ ත්‍රස්ත සාමාජිකයන් 32 දෙනකු මෙරටට පැමිණ ඇති බවට ලබුණු මූලික තොරතුරු මත තමා 2017 වසරේදී රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ පිළිබඳව විමර්ශන පැවැත්වීමට තමාට තොරතුරු ඉල්ලා සිටියද රාජ්‍ය බුද්ධි සේවයෙන් තොරතුරු නොලැබුණු බවත් එසේ වන්නට ඇත්තේ පැවති රජයේ ප්‍රතිපත්තිවලට එමගින් බලපෑමක් විය හැකි නිසා වන්නට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පාස්කු කොමිසම හමුවේ ඊයේ (16) සදහන් කළේය.
2017 වසරේ සැත්තැම්බර් 24 ෆෙටෝ ත්‍රස්ත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින බව තමා දැනුවත් වන්නේ වෙනිදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී බවද එහිදී සඳහන් කළ නාලක ද සිල්වා මහතා මෙරටට රැදී සිටි ඔවුන් ගැන විමර්ශනයක් පැවැත්වීමට තමා රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉල්ලීම් කරනු ලැබුවේ එම මාසයේම අගභාගයේදී බවද ඔහු පැවැසීය.
වරක් තුර්කි තානාපතිවරයා තමාව හමුවී ෆෙටෝ ත්‍රස්තයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා කළ බව රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධ මහතා සදහන් කළ බවත් එහිදී එවකට සිටි ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තුර්කි ත්‍රස්තයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් තමාට ද දැඩිව දොස් නැගූ බව කොමිසම හමුවේ පැවැසීය.
ඒ වන තුරුත් තමාට මෙරට රැදී සිටි තුර්කි ත්‍රස්තයින් සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදී නොතිබුණු බවත් එම අවස්ථාවේදී තමාට ඇතිවුණු ලැජ්ජාව නිසා පසුව පැවැති කිසිදු බුද්ධි සමාලෝචන රැස්වීමකට තමා සහභාගි නොවූ වත් නාලකද සිල්වා මහතා සදහන් කළේය.
බුද්ධි සමාලෝචන රැස්වීම්වලට තමා පසුව සහභාගි නොවූවත් තුර්කි ත්‍රස්තයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අදාල බුද්ධි තොරතුරු නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියත් තමාට එම තොරතුරු නොලැබුණු බවද ඔහු පැවැසීය.