රෝහිත රාජපක්ෂගෙන් උත්සාහ ක දිනුමක්… CH&FC  ගුවන් හමුදාව පරදවයි….  

සෞඛ්‍යාරක්ෂිත රග්බි තරගයේ ප්‍රධාන ආරාධිතයා අගමැති මහින්ද ...

ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියර ඊයේ ( 13)    රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි ක්රිඩාංගනයේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ  ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ අවස්ථාව සඳහා ශිරන්ති රාජපක්ෂත් එක් වී සිටියාය.

තරුණ කටයුතු, ක්‍රීඩා, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.

CH&FC කණ්ඩායම ලකුණු 23 ක් (උත්සාහක දිනුම් 02, ප්‍රවර්දන 02, දඩුවම් පහර 03) ලබා ගනිමින් ලකුණු 21 ක් (උත්සාහක දිනුම් 02, ප්රවර්දන 01, දඩුවම් පහර 03) ලබා ගත් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් පළමු අදියරේ ජයග්‍රහණය වාර්තා කළේය.


ජයග්‍රාහකයින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13 – 06 ක් ලෙස ඉදිරියෙන් සිටින ලදි. ජයග්රාහී CH&FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්ථා කළේ “ස්ක්‍රම් හාෆ්“ සුදම් සූරියආරච්චි  සහ  ෆ්ලයි හාෆ් රෝහිත රාජපක්ෂ (01) යන ක්රීඩකයින් විසිනි.  ප්‍රවර්දන දිනුම් දෙක සහ දඩුවම් පහර තුන   තේනුක නානායක්කාර විසින් ලබා ගන්නා ලදි.

පරාජයට පත් ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් දෙක වාර්ථා කළේ   පරාක්රම රත්නායක (01)  සහ අංජුල හෙට්ටිආරච්චි (01) විසිනි.  ෆ්ලයි හාෆ්  ගයන්ත ඉද්දමල්ගොඩ විසින් එක් ප්‍රවර්ධන දිනුමක් හා දඬුවම් පහර 03 ක් සාර්ථක කර ගන්නා ලදි.

තරගය අවසන් වූ පසුව ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වූ අතර එහිදී අනුශූරයන් වූ ගුවන් හමුදා සාමාජිකයින්ට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය   විසින් රිදී පදක්කම් පිරිනමන ලද අතර දිනයේ ජයග්‍රාහී  කණ්ඩායමේ සාමාජිකයින් වන CH&FC කණ්ඩායම වෙත රන් පදක්කම් පිරිනමන ලද්දේ පාර්ලිමේන්තු  මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත  සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේඛම් රොනී ඊබ්‍රාහීම් විසිනි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ  , ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සහ ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ සීමිත නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලූම ක්රීඩකයන් සහ සහායක කාර්යය මණ්ඩලය ජෛව ආරක්ෂිත බුබුලක් තුළ සිට පුහුණුවීම් සිදු කර තිබේ.    2021 අගෝස්තු මස 20 වන දින දක්වා එය ක්රියාත්මක වනු ඇත. නරඹන්නන් නොමැතිව පවත්වනු ලැබූ තරගය සුප්රීම් ටීවී, චැනල් අයි, Dialog papare.com යන නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කෙරිණි.

Exit mobile version