ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම නිසා සමාජ කථිකාවට ලක්ව සිටිය දී පසුගිය 11 දා කොළඹ හැව්ලෝක් ඉන්ධන පිරවුම්හල අසල සිදු වූ යතුරු පැදි අනතුරකින් බරපතල තුවාල ලැබ සිට අද (14) මිය ගිය, රාජ්‍ය බුද්ධි සේවයේ සිතුම් දුලීක හේමාල් නැමති 22 හැවිරිදි නිලධාරියා අනතුරකට ලක් කර ඇත්තේ බීමත් නීති ශිෂ්‍යෙයකුගේ ඩිෆෙන්රඩර් රථයක් බව වාර්තා වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ හැව්ලොක් ඉන්ධන පිවුම්හල දෙසට සිතුම් දුලීක හේමාල් සිය සහෝදර නිලධාරියක් සමග යතුරු පැදියක ගමන් කරමින් සිටයදීය. පසුපස ගමන් කල නිලධාරියාගේ කකුල් දෙකම බිඳී ගොස් ඇත.
සිතුම් දුලීක හේමාල් නිලධාරියා ඉතාම දක්ෂ ලෙස ස්වකීය රාජකාරිය කළ පැහැදිලි අනාගතයක් සහිත අයෙක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පවසති. ආධුනික පොලිස් නිලධාරියෙක් ලෙස කටයුතු කළත් ඔහුගේ කෙටි රාජකාරි ජිවිතය තුළ මහ රෝහල් කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම වැනි මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වී ඇති බව පොලිසිය කියයි.
පොලොන්නරුව නෙලුම්වැව ගිරිදම්මල පදිංචිව සිටි මේ තරුණ නිලධාරියාගේ දෙමව්පියන් ගොවිතැනින් ජීවත් වෙති. බීමතින් රිය පැදවූ එම නීති ශිෂ්‍යයා 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව බම්බලපිටිය පොලිසිය වාර්තා කළේය.
Discussion about this post