බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල්වල මිනී ගොඩ ගැහෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් නිසා… හදිසි මරණ පරික්ෂවරු කියති.

by editor
අගෝස්තු 15, 2021
in පුවත්
covid
Share on FacebookShare on Twitter

කොවිඩ් අසාදිත පුද්ගලයෙකු නිවසේදී මරණයට පත්වුව හොත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ වෛද්‍යවරයෙකුට යොමුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කර තිබෙන චක්‍ර ලේඛණය හේතුවෙන් රෝහල් තුළ කොවිඩ් මළ සිරුරු ගොඩ ගැසීමේ තත්ත්වයක් මතුව ඇතැයි ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම්,දික්ඔය මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් ෆසීර්   පවසයි.

හැටන් නගරයේදි අද(15) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අධිකරණ වෛද්‍යවරු සෑම රෝහලකම නොමැති බැවින් ඇතැම් අවස්ථාවල කොවිඩ් දේහයක් කිලෝ මීටර 60 කට වඩා වැඩි දුරක් ප්‍රවාහනය කිරීමට සිදුවන බවත් මේ නිසා මුදල් වැය වීමට අමතරව තවත් ගැටලු රැසක් මතුව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

නිවසේදී මියගිය කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුරක් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකර ඥාතීන්ගේ කැමැත්ත මත ආදාහනය කිරීමට දින ගණනාවක් ගතවන බවත් මෙම ප්‍රමාදය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජූනි 19 දින නිකුත් කරන ලද චක්‍රලේඛණය නිසා සිදුවන බවත් ඔහු  කීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

චක්‍රලේඛණ නිකුත් කිරීමේදී ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධවද සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට තම සංගමය දැනුම් දී ඇතැයිද ඒ මහතා පැවසුවේය. රෝහලකදී කොවිඩ් ආසාදිතයෙකු මරණයට පත් වුවහොත් පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සම්බන්ධව ගැටලුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍යංශයෙන් ලැබෙන සහය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොලැබෙන බවත් ‍මාධ්‍ය ලේකම්වරයා කීය.

කොළඹ ජාතික රෝහල හා සමාන පහසුකම් ඇති රෝහල් මෙරට තිබෙන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක් පමණක් බවත් ප්‍රධාන රෝහල් වලතියෙන පහසුකම් ගැන සැලකිලිමත් වී චක්‍රලේඛණ නිකුත් නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බවත් මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

හදිසි මරණ පරික්ෂකවරු 600 ක් පමණ සිටිය යුතු වුවත් මේ වන විට මෙරට රාජකාරී කරනු ලබන්නේ 300 දෙනෙකු පමණ බවත් මේ නිසා ඇතැම් ප්‍රදේශවල හදිසි මරණ පරික්ෂකවරුන්ට පැය 24 පුරා සේවයේ යෙදීමට සිදුව තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජය මගුල් ගෙවල් වසයි.!

Next Post

බලධාරීනි… වායු සමීකරණ කාමර තුළ කේක් කමින් තීරණ ගන්නට පෙර මේ විශාලා මහනුවරට පය තබා බලන්න…  උපුල් රෝහණ

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.