රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව කොවිඩ්වලට පෙර ගණන්වලටම බසී!

මෙරට රෝහල්වල දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වනවිට කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටම දක්වා පහළ බැස ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. වසංගතයේ තත්ත්වය සැලකිය යුතු ලෙස පාලනය වී ඇති පසුබිමක් තුළ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වනවිට ටොන් 35ත් 40ත් අතර සීමාවේ පවතින බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තාවලට අනුව මීට මාසයකට පමණ පෙර මෙම දෛනික ඔක්සිජන් අවශ්‍යතාව දිනකට ටොන් 135ක් පමණ දක්වා ඉහළ ගිය අතර දෛනිකව ටොන් 60ක පමණ විදේශවලින් ගෙන්වා සැපයීමට සෞඛ්‍ය අංශවලට සිදුවිය.ඒ අනුව ඉන්දියාවන් හදිසි සැපයුම් ලෙස නෞකා දෙකකින් ඔක්සිජන් රැගෙන ආ අතර පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීති තත්ත්වයත් සමඟ වසංගතයේ පැතිරීම පාලනය වීම හේතුවෙන් මෙම අවශ්‍යතාව අඩුවිය.

ශ්‍රි ලංකාවේ දෛනික ඔක්සිජන් නිෂ්පාසදනය ටොන් 77ක්   පමණ වන අතර එයින් වෛද්‍ය අවශ්‍යතා සඳහා සැපයුණේ සාමාන්‍යයෙන් දිනකට ටොන් 44කි. ඉතිරි ඔක්සිජන් කර්මාන්ත අවශ්‍යතාවලට සැපයුණද පසුගිය කාලයේ මෙරට නිෂ්පාදනය වූ සියලුම ඔක්සිජන් වෛද්‍ය සැපයුම්වලට යොමු කෙරුණු අතර අතිරේක ව විදේශවලින්ද ගෙන්වීමට සිදුවිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නිරෝධායන අඳිරි නීතිය ඉවත්කර තිබුණද වසංගතය පැතිරීම පාලනය කිරීමේ විශාල වගකීමක් ජනතාව අතර පවතින බවත් ව සුපුරුදු ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Exit mobile version