රෝහල්වල ඉඩ නෑ.. ආසාදිතයන් පුනරුත්ථාපන කඳවුරුවලට යොමු කිරීම ඇරඹෙයි…

මිනුවන්ගොඩ  කීර්ති ප්‍රනාන්දු – 

දැනට  කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති සියලුම රෝහල්වල  පිරී ගොස් ඇති නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් වාර්තා වුනු කොවිඩ් ආසාදිත රෝගීන් 48 දෙනෙක්  කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කළ බව ගම්පහ දිස්තික් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී සමින්ද සමරදිවාකර ලංකාසරට පැවසීය.

මෙම රෝගීන් 48 දෙනාම පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයට සම්බන්ධ මාළු වෙළෙන්දන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.  ඉන් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් මාළු වෙළෙන්දන්ය. ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් යාගොඩින් 9 දෙනෙක්, වැලිවේරියෙන් 8 දෙනෙක් හා බොල්ලතින් 6 දෙනෙක්   මෙම කොවිඩ් ආසාදිතයන් 48 දෙනා  අතර විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පිරිසට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ දැනගත් මොහොතේ සිටම ඔවුන් නිවෙස් තුළ නිරෝධායනය කර අද උදෑසන කන්දකාඩු කඳවුර වෙත යොමු කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කීවේය.


Exit mobile version