රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ට ගෙදර සිට ප්‍රතිකාර තවම බෑ!

sudath samaraweera

අද (17) සිට කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් නිවාසවලම රඳවා ප්‍රතිකාර කරන බවට කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

සියලුම ප්‍රජා වෛද්‍ය විශේෂඥ විශේෂඥයන්ට සහ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥයන්ට පණිවිඩයක් යවමින් වෛද්‍ය සමරවීර මහතා තවදුරටත් සදහන් කරන්නේ තමන් මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග ද සාකච්ඡා කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවය.

එවැනි තීරණයක් ගතහොත් එය ක්‍රියාත්මක කිරීමට නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන සහිත චක්‍රලේඛයක් ප්‍රකාශයට පත් කළ යුතු බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.
ඔහු තවදුරටත් සෞඛ්‍ය බලධාරින් වෙත යවන ලද ලිපියේ සදහන් කර ඇත්තේ මේ වන විටත් covid-19 ආසාදිත තත්ත්වයට පත්වූවන් රෝහල්වලට ඇතුලත් වීම හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු වීම ඊයෙ සිට ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් වාර්තාවී ඇති බවයි.


මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ලබන සදුදා සිට රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කරන බවට මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රචාරයන් නිසා බව ඒ මහතා සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන වසංගතවේද විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමරවීර මහතා ඉල්ලා සිටින්නේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මහජන සෞක්‍ය පරීක්සකවරුන් ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන්ට පවසන්නේ මෙම ආසාදිතයන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බව දන්වන ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් ආසාදිතයෙකු හමුවූ වහාම ඔවුන් රෝහලට හෝ අතරමැදි මධ්‍යස්ථාන සඳහා යොමු කරවන ලෙස ඔහු ඉල්ලීමක් ද කරයි.

Exit mobile version