රෝගීන් හමුවෙන ගම් ලොක්ඩවුන් කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි

කොරෝනා රෝගීන් හමුවන ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීම එනම් ලොකඩවුන් කිරීමේ වැඩපිළිවෙළ දැඩි සේ ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එම ප්‍රදේශ බාහිරය සමඟ කිසිදු සම්බන්ධයක් ඇති නොවන ලෙස සම්පූර්ණයෙන් වසා දැමීමක් සිදු නොවුහොත් මෙම වයිරසය සෙසු ප්‍රෙද්ශවලට වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ලංකාසරට අනාවරණය කළේ ගම්පහ් දිස්ත්‍රික්කයේ ආසාදිතයන් හමුව ඇති ඇතැම් ප්‍රදේශවල සංචරන සීමා පැනවූ නමුත් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කිරීමක් සිදුනොවූ බවයි.

මෙම ප්‍රදේශ අවම වශයෙන දින 14ක්වත් සම්පූර්ණයෙන්ම පුද්ගලයන්ට ඇතුළු වීමට හෝ පිටවීමට ඉඩ ලබා නොදීම ඉතා වැදගත් බවත් පසුගිය කාලය තුළ සීමා පැනවූ ප්‍රදේශ ජනතාව එහා මෙහා යාම සිදුවූ වත් පැවසූ වෛද්‍යවරයා සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ පිළිබඳව ඊයේ (14) පැවති සෞඛ්‍ය අමාත්‍යංශ තාක්ෂණ කමිටු රැස්වීමකදී තම සංගමය මේ ත්ත්වය පිළිබඳව පෙන්වා දුන් බවත් එහිදී සෞඛ්‍ය ඇමතිවරිය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට තීරණයක් ගන්නා බව ප්‍රකාශ කළ බවද වෛද්‍ය අලුත්ගේ සඳහන් කළේය.

Exit mobile version