රේගුවෙන් මුදාගත් වස හාල් කිලෝ ලක්ෂ හතර හමාරක් වත්තල ගබඩාවක… ගබඩාව මුද්‍රා තබයි..

හාල් තොගය රේගුවෙන් මුදාගත් ආකාරය ගැන සොයා පරීක්ෂණ ඇරඹෙයි...

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිභෝජනයට නුසුදුසු බවට සහතික කර තිබූ සහල් කිලෝ ලක්ෂ හතර හමාරකින් යුතු බහාලුම් 09ක් රේගුවෙන් මුදාගෙන වත්තල ප්‍රදේශයේ ගබඩාවක් තුළ ගබඩාකර ඇතැයි ලද තොරතුරකට අනුව ගම්පහ දිස්ත්‍රික් අහාර හා ඖෂධ පරීක්ෂවරුන්, වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, වත්තල පොලිසියේ හා එක්ව කරන ලද වැටලීමක දී එම සහල් තොගය සොයාගෙන මුද්‍රා තැබීමට හැකි වී තිබේ.

ලද තොරතුරකට අනුව කළ වැටලීමේ දී මෙම සහල් තොගය ගබඩා කර තිබූ ගබඩාවේ සේවය කළ ආරක්ෂක නිලධාරීන්, එහි භාරකරු ඇතුළු පිරිසක් තමන්ට දැඩි බාධා එල්ල කළ බවත්, පසුව වත්තල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මගින් මෙම වැලීම සඳහා පොලිසියේ සහයෝගය ද එක් කරගත් බවත් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කීවේය.

මෙම වැටලීමෙන් පසු එම සහල් ගබඩාවේ හිමිකරු නිලධාරීන්ට පවසා ඇත්තේ මෙම සහල් තොගය රේගුවෙන් මුදාගත් බවත් ඒ පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති බවත්ය.

මේ පිළිබඳව ලංකාසර රේගු අධ්‍යක්ෂ කාර්යාලයෙන් කළ විමසීමක දී එහි නිලධාරියෙක් පැවසුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රියගේ උපදෙස් මත සහල් තොගය මේ වනවිට මුද්‍රා තැබීමට සිදු කර ඇති බවය.

එමෙන්ම පරිභෝජනයට නුසුදුසු මෙම සහල් තොගය රේගුවෙන් මුදා හැරීම පිළිබඳව වෙනම විමර්ශනයක් සිදු කරන බවද එම නිලධාරියා ලංකාසරට පැවසීය.

Exit mobile version