ඉතිහාසයේ ප්‍රථමවරට රූපවාහිනී තිරයක් ඔස්සේ ප්‍රදර්ශනය වන වෙසක් තොරණ, චරණ TV නාලිකාව ඔස්සේ අද (26) සහ හෙට දින රත්‍රී 7.00 සිට ප්‍රදර්ශනය කෙරේ.
පන්සිය පනස් ජාතක පොතෙහි දැක්වෙන “දද්දර ජාතකය“ තේමාකොට ගනිමින් රචිත මෙම වෙසක් තොරණ, රූප රාමු 09කින් සමන්විත ය. සුපුරුදු වෙසක් තොරණ ආකෘතියෙන්ම නිර්මාණය කර ඇති මෙම තොරණේ කතා වස්තුව විරිඳු සහ දෙබස් කථනය ඔස්සේ සවිස්තරාත්මකව සහ විචිත්‍රවත්ව ඉදිරිපත් කරනු ලබයි.
කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් බෞද්ධ ජනතාවට වෙසක් සැමරීම සීමාවී ඇති බැවින්, වෙසක් තොරණ නැරඹීමෙන් ලබන්නාවූ බුද්ධාලම්භන ප්‍රීතිය, චරණ TV වෙසක් තොරණ නැරඹීමෙන් නිවසේ සිටම එලෙසින්ම ලැබෙනු ඇත.
PEOTV නාලිකා අංක 05, PEOTVGO සහ චරණ TV Facebook පිටුව ඔස්සේ චරණ TV ඉදිරිපත් කරන දද්දර ජාතක කතාවස්තුව රැගත් තොරණ වෙසක් පුන් පොහෝදා රාත්‍රී 7.00 සිට සජීවීව නැරඹිය හැක.