බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූපවාහිනි තිරේ සුව විරුවෝ මහ පාරේ අසරණ වෙති

ජීවිත අවදානමත් නොතකා ආසන 52 බස් රථයට සුව සේවකයන් 97 ක් පටවලා

by editor
මැයි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සුව සේවා විරුවන් ලෙස රූපවාහිනී තිර මත ඇගයෙන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය  අද උදෑසන අතිශය අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන්හ. ඇඳිරිනීතිය   ක්‍රියාත්මක වූ අද (17 )   පෙරවරුවේ කෑගල්ලේ සිට මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රමාණවත් බස් රථ සපයා නොතිබුණු අතර ආසන 50ක්සහිත ලංගම බස් රථයක කාර්ය මණ්ඩල සාමාජිකයන් 97 දෙනකුට ගමන් කිරීමට සිදුව ඇත.  මගී ප්‍රවාහන බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස් නොපිළිගනිමින් කෑගල්ල සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් තම දැඩි විරෝධය දක්වා මේ පිළිබඳව පැමිණිලි කිරීමට බස් රථය පේරාදෙණිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

වෛද්‍යවරු, හෙද නිලධාරීන් රසායනාගාර ශිල්පීන් ඇතුළු සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම බස් රථයේ ගමන් කොට තිබේ. ඔවුන්  පේරාදෙණිය පොලීසියට බස් රථය යොමු කිරීමෙන් පසු මගීන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙලෙස බස් රථවල ගමන් කිරීමෙන් තම ජීවිත දැඩි අවදානමකට ලක්වන බවයි.

මගීන් 30 දෙනෙකු පමණ සිටියදී කෑගල්ලෙන් ගමන් ආරම්භ කළ බස් රථයට අතර මඟදී විශාල වශයෙන් මගීන් ගොඩවී ඇත. පිළිමතලාවට පැමිණෙන විට එහි 97 දෙනෙකු සිටි බව මගීහු පවසති.

මේ සම්බන්ධ ව මහනුවර හා පේරාදෙණිය රෝහල්වල අධ්‍යක්ෂවරුන් හා ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගත්බව පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතා පවසයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

මේ අතර මහනුවර ජාතික රෝහලේ අද සවස් වරුවේද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සේවය නිම වී ආපසු යාමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොතිබීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වූ බව මහනුවර ජාතික රෝහලේ ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

 

 

 

Tags: විශේෂ
Share3724Tweet43
Previous Post

කෝටිපති පැසිපන්දු ක්‍රීඩකයාගේ මරණයට හේතුව එළිවෙයි

Next Post

හුදකලා කළ උරුමයේ මලගම

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.