fbpx
බදාදා, පෙබරවාරි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රූපවාහිනි තිරේ සුව විරුවෝ මහ පාරේ අසරණ වෙති

ජීවිත අවදානමත් නොතකා ආසන 52 බස් රථයට සුව සේවකයන් 97 ක් පටවලා

by editor
මැයි 17, 2020
in පුවත්
449 5
Share on FacebookShare on Twitter

සුව සේවා විරුවන් ලෙස රූපවාහිනී තිර මත ඇගයෙන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය  අද උදෑසන අතිශය අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන්හ. ඇඳිරිනීතිය   ක්‍රියාත්මක වූ අද (17 )   පෙරවරුවේ කෑගල්ලේ සිට මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රමාණවත් බස් රථ සපයා නොතිබුණු අතර ආසන 50ක්සහිත ලංගම බස් රථයක කාර්ය මණ්ඩල සාමාජිකයන් 97 දෙනකුට ගමන් කිරීමට සිදුව ඇත.  මගී ප්‍රවාහන බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස් නොපිළිගනිමින් කෑගල්ල සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් තම දැඩි විරෝධය දක්වා මේ පිළිබඳව පැමිණිලි කිරීමට බස් රථය පේරාදෙණිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.

වෛද්‍යවරු, හෙද නිලධාරීන් රසායනාගාර ශිල්පීන් ඇතුළු සෑම තරාතිරමකම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම බස් රථයේ ගමන් කොට තිබේ. ඔවුන්  පේරාදෙණිය පොලීසියට බස් රථය යොමු කිරීමෙන් පසු මගීන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙලෙස බස් රථවල ගමන් කිරීමෙන් තම ජීවිත දැඩි අවදානමකට ලක්වන බවයි.

මගීන් 30 දෙනෙකු පමණ සිටියදී කෑගල්ලෙන් ගමන් ආරම්භ කළ බස් රථයට අතර මඟදී විශාල වශයෙන් මගීන් ගොඩවී ඇත. පිළිමතලාවට පැමිණෙන විට එහි 97 දෙනෙකු සිටි බව මගීහු පවසති.

මේ සම්බන්ධ ව මහනුවර හා පේරාදෙණිය රෝහල්වල අධ්‍යක්ෂවරුන් හා ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගත්බව පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතා පවසයි.

RelatedPosts

අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු! ජනපති ජාතියෙන් ඉල්ලයි…

රටේ වෘත්තීය වේදීහු සේවයෙන් බැහැර වෙති… සෞඛ්‍ය, වරාය, බැංකු, රාජ්‍ය පරිපාලන, විදුලය, සරසවි පද්ධතිය අඩාලයි!

ත්‍රස්ත පනත යටතේ දින 167ක් රඳවාගැනීමට බොරු සාක්ෂි හැදූ ASP විල්ලෝරආරච්චි” SSP ප්‍රසන්න අල්විස්” ASP රත්නායක, ASP අජන්තට එරෙහිව වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

මේ අතර මහනුවර ජාතික රෝහලේ අද සවස් වරුවේද සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සේවය නිම වී ආපසු යාමට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොතිබීම හේතුවෙන් දැඩි අසීරුතාවකට පත් වූ බව මහනුවර ජාතික රෝහලේ ආරංචි මාර්ග ලංකාසර ට පැවසීය.

 

 

 

Tags: විශේෂ
Share3727Tweet45
Previous Post

කෝටිපති පැසිපන්දු ක්‍රීඩකයාගේ මරණයට හේතුව එළිවෙයි

Next Post

හුදකලා කළ උරුමයේ මලගම

Related Posts

පුවත්

උතුරේ සිට නැගෙනහිර විරෝධතාවයට ගිය විරෝධතාකරුවන්ගේ බස් රථයකට ප්‍රහාරයක්!

පෙබරවාරි 8, 2023
පුවත්

13ට එරෙහි භික්ෂු පා ගමනට පොලිසියෙන් දැඩි බාධා කිරීම්… පොල්දූව මංසන්ධිය උණුසුම් වේ.

පෙබරවාරි 8, 2023
පුවත්

අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු! ජනපති ජාතියෙන් ඉල්ලයි…

පෙබරවාරි 8, 2023
Next Post

හුදකලා කළ උරුමයේ මලගම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

උතුරේ සිට නැගෙනහිර විරෝධතාවයට ගිය විරෝධතාකරුවන්ගේ බස් රථයකට ප්‍රහාරයක්!

by editor
පෙබරවාරි 8, 2023
0

13ට එරෙහි භික්ෂු පා ගමනට පොලිසියෙන් දැඩි බාධා කිරීම්… පොල්දූව මංසන්ධිය උණුසුම් වේ.

by editor
පෙබරවාරි 8, 2023
0

අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු! ජනපති ජාතියෙන් ඉල්ලයි…

by editor
පෙබරවාරි 8, 2023
0

13 ඊටත් වඩා වැඩි බලතල සහිතව බල ගැන්විය යුතු බව කීමට හිමිවරු පිරිසක් ආගමික නායකයින් සමග යාපනයට යති!

by editor
පෙබරවාරි 8, 2023
0

ජාතික ජන බලවේගයත් නව පාර්ලිමේන්තු සැසිය වර්ජනය කරයි…

by editor
පෙබරවාරි 8, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • උතුරේ සිට නැගෙනහිර විරෝධතාවයට ගිය විරෝධතාකරුවන්ගේ බස් රථයකට ප්‍රහාරයක්!
  • 13ට එරෙහි භික්ෂු පා ගමනට පොලිසියෙන් දැඩි බාධා කිරීම්… පොල්දූව මංසන්ධිය උණුසුම් වේ.
  • අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු! ජනපති ජාතියෙන් ඉල්ලයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist