පාකිස්ථානයේ හිටපු අග්රාසමත්යබ ඉම්රාන් ඛාන් විසින් රුසියාව සමඟ අඩු මිලට ඉන්ධන ලබාගැනීමට එකඟතාවයක් ඇති කරගත් බවට පැවසුවද ඒ බව සනාථ කිරීමට කිසිඳු ලිඛිත සාක්ෂියක් සොයා ගැනීමට හැකිවී නොමැති බවට පාකිස්ථාන රජය පවසයි.
ඒ අනුව ඉකුත් පෙබරවාරි 24 වැනිදා එවකට පාකිස්ථාන අග්රාිමත්යකවරයාව සිටි ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ හදිසි සංචාරයක නිතරවූ අතර එහිදී ඔහු රුසියානු රජය සමඟ බලශක්ති ගිවිසුමකට අත්සන් කළ බවට ප්රසකාශ කළේය. එහිදී ඛාන් විසින් ප්රුකාශ කර සිටියේ අදාල ගිවිසුම මගින් අඩු මිලට පාක්ථානයට ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි.
ඉම්රාන් ඛාන්ගේ පාලනය සමයේදී රුසියාව හිතැති ප්රාතිපත්තියෙන් මිදී යලිත් ඇමරිකානු හිතවාදී මවතකට පිවිසීමේ පෙර ලකුණු පහළ වී ඇති බවද ජාත්යැන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි. ඒ අනුව නව පාකිස්ථාන අග්රාීමත්ය වරයා පළුදු වූ ඇමරිකානු මිතුදම් යලිත් අලුත් කරගැනීමේ වෑයමක පසුවන බවද වාර්තාවේ.
පාකිස්ථාන හමුදාවන්ගේ සෘජු සහය ලැබෙන වර්ථමාන පාකිස්ථාන රජය විසින් මේවන විට දරුණු අභියෝගයකට මුහුණ දී සිටින එරට ආර්ථිකය ඇමරිකානු සහය ලබා ගැනීමේ අපෙක්ෂාවෙන් පසුවන බවටද විදෙස් විශ්ලේෂකයින් සඳහන් කරයි.
මේ අතර පාකිස්ථානය සහ රුසියාව අතර යුධ අභ්යාහසයක් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එය යම් ආකාරයකින් අත්හැර දැමීමක් සිදුවුව හොත් එය ඉන්දියාවට ඉතාම සුබ පුවතක් වනු ඇති බවටද වාර්තාවේ. ඊට හේතුව වී ඇත්තේ ඉන්දියාව රුසියාව සමඟ යුධ අවි සම්බන්ධයෙන් පවත්වාගෙන යන සමීප සම්බන්ධතාවය හේතුවෙනි.
ඉන්දියාවට සහ පාකිස්ථානය අතර ගැටුම් පැවති සමයේදී ඇමරිකාවෙන් පාකිස්ථානයට විශාල වශයෙන් අවි සැපයූ අතර ඊට පිලිතුරු වශයේ ඉන්දියාව රුසියාව වෙතට යොමු විය. එහිදී ඉන්දියාව රුසියාව සමඟ එක්ව නව අවි වැඩි දියුණු කිරීමට කළ අතර මේ වන විට නවීන මිසයිල වැඩසහනයක්ද ක්රිනයාත්මක කරයි.