රුපියල අද තවත් ඉහළට එයි – ඩොලරය 323න් එහා නොයයි !

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය අද (08)   තවදුරටත් ශක්තිමත් වෙමින් ඩොලරයක ගැනුම් මිල සහ විකිණුම් මිල රුපියල් 313ත් 323ත් අතර අගයක ට විවෘත වූ බව විනිමය වෙළෙඳපොල ආරංචි මාර්ග පවසයි.

රටේ විදේශ සංචිත ක්‍රමයෙන් ස්ථාවර වීමත් සමඟ රුපියල සම්බන්ධයෙන් මහ බැංකුව විසින් බලපත්‍ර ලැබී වානිජ බැංකු වෙත ලබා දී තිබූ මග පෙන්වීම් ක්‍රමයෙන් ලිහිල් කිරීමෙන් පසුව මෙසේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ යමින් තිබේ.

මහ බැංකුව සිය විනිමය මඟ පෙන්වීම් මගින් රුපියලේ අගය සඳහා මධ්‍ය අගයක් ලබා දී මිල ඉහළ පහළ යාමේ පරාසයක් පවත්වා ගැනීමට පසුගිය සතිය දක්වාම උපදෙස් ලබා දුන් අතර ඊයේ 07   සිට එම මග පෙන්වීම සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් රුපියලේ අගය නිදහසේ දෝලනය වීමට ඉඩ ලබා දී ඇත.

ඒ අනුව අද දින ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 313  සිට 323 දක්වා ගැනුම් සහ විකිණුම් මිල පරාසයක් තුළ වෙනස් විය.


මුල් වෙළෙඳාම්වලදී එය රුපියල්  320 සහ 218.75 මට්ටම් වලින් සිදු වූ අතර වෙළඳාමේ පළමු පැයෙන් පසු රුපියල ඩොලරයට 313.00/319 ලෙස සටහන් විය.

මූල්‍ය අලෙවි නියෝජිතයන් පවසන්නේ  ප්‍රේෂණ ආයතනවලින් ඩොලරයට  විකුණුම් පීඩනයක් පවතින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ පොලී අනුපාත ඉහළ දැමීමෙන් පසු පෞද්ගලික ණය ලබා ගැනීම් අධෛර්යවත් වී ඇති අතර  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් යටතේ, ශුද්ධ ජාත්‍යන්තර සංචිත ඉලක්කය රුපියල පෙර පැවති මට්ටම් දක්වා ස්ථාවර වීමට හේතු වනු ඇතැයි වෙළෙඳපොල විශ්ලේෂකයෝ පවසති.

Exit mobile version