බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රුපියල් 5000ට දරුවන්ගේ අනාගතය පාවාදෙන්න එපා”

- පොහොට්ටු මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් 5000ට 7000ට 12,000ට මේ ජාතියේ අනාගතය පාවා දෙන්න සූදානම් ‍නොවන්නැයි ද ස්ටාලීන්ට ඕන විදිහට තමන්ව පාලනය කරන්න දෙන්න එපා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුටිටිආරච්චි   ගුරු-විදුහල්පතිවරුන් ආයාචනා කරයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

“ආදරණිය ගුරු මැණීවරුන්ට පියවරුන්ට වැද නමස්කාරව ආදරයෙන් ආයාචනා කරනවා මේ රුපියල් 5000ට 7000ට 12,000ට මේ ජාතියේ අනාගතය පාවා දෙන්න සූදානම් ‍වෙන්න එපා කියලා. ස්ටාලීන්ට ඕන විදිහට තමන්ව පාලනය කරන්න දෙන්න එපා. පහුගිය දවස්වල මේ කොරෝනා රෝගයෙන් මේ මට් ටමට අපි පාලනය කරගත්තා. ඒ නිසා මේ පාලනය කරපු කොරෝනා රෝගය නැවත ව්‍යාප්ත කරන්න තමයි මොවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ.

බොහෝම අහිංසකව දූ දරුවන්ගේ අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකර කරුණාකරලා 21 වෙනිදා පාසැල්වලට ගිහිල්ලා දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙන්න සහයෝගය දෙන්න කියලා අපි කාරුණිකව ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබගේ ප්‍රශ්නය අපි සානුකම්පිතව බලනවා . අවුරුදු 24 ක තිබෙන ප්‍රශ්නය මේ බජට් එකේදි බැසිල් රාජපක්ෂ මැතිතුමා බොහෝම සාධාරණ නිවැරදි පිළිතුරක් ඔබට ලබා දෙනවා කියලා පොරොන්දුව ලබාදිලා තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

2022 විසර්ජන කෙටුම්පත වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ රජයේ වියදම කෝටි 3300 න් අඩු කිරීමත් සමඟ රටකට සුභදායි පණිවිඩයක් ලැබුණා. මේ රට පළමුවතාවට ජනාධිපතිවරයා සිය වියදම බිලියන 6.6 කින් අඩුකර ගනිමින්, තමන්ගේ වියදම කප්පාදු කරගෙන ආදර්ශමත් රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නවා.

මේ පැන්ඩෝරා පත්‍රිකවේදි හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මැතිතුමියගේ ස්වාමියාගේ නම සඳහන් වනු ඇත. නමුත් විපක්ෂය හිනෙන් නැගිටලා වගේ දැන් කියනවා රාජපක්ෂවරුන්ගේ සල්ලි ටික තිරු නඩේෂන් ලඟ තිබෙන්නේ කියලා. 2005 සිට 2015 දක්වා ඉතාම සාර්ථකව මේ රට හදපු මිනිස්සුන්ට පාවිච්චි කරපු වචන ටිකක් තිබ්බා. එහෙම කියපු වචන සෙට් එකක් හදලා තමයි යහපාලන නඩය බලයට ආවේ. ඒ බලයට ආපු යාහපාලන නඩය මේ රට විනාශ කළා. නැවතත් ඒ නඩය එකතුවෙලා තමයි මේ වචන සෙට් එක එළියට ගේන්නේ. විපක්ෂයට කියන්න කැමති ජනතාව අන්දන්න පුළුවන්කමක් නෑ මේ වැඩපිළිවෙල සම්බන්ධව.මේ වගේ පුංචි දේවල් අල්ලගෙන තමයි අද විපක්ෂය ජනතාව අතරට යන්න හදන්නේ. අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධව කෙලින් සිටිනවා. එතුමා මේ සඳහා පරීක්ෂණ කණ්ඩායමක් පත්කරලා එහි වාර්තාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ කාරණයේදි පක්ෂ විපක්ෂව භේදයකින් තොරව අපි බොහෝම කෙලින් සිටිනවා.

ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනවා. ඒ සර්ව පාක්ෂික සමුළුව කැඳවන්නේ අභයාරාමයේදියි. පාස්කු ප්‍රාහාරය කරපු ගමන් කැඳවන්න ඕන සර්ව පාක්ෂික සමුළුව නේ මෙතුමා ගුරු ගැටලුව සම්න්ධව කැඳවන්නේ. දැන් මොන සර්ව පාක්ෂික සමුළුවද? එදා බලය තිබුණු අවස්ථාවේ ඒවා විසඳන්න තිබුණනේ.මේ රටේ ආර්ථිකය වැටිලා තිබෙන අවස්ථාවේ බැරි නිසයි බැහැ කියන්නේ. ඒ නිසා මෛත්‍රිපාල මහත්තයෝ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න පෙර කරුණාකරලා පාස්කු ප්‍රහාරය සම්න්ධව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අඟහරුවාදා ශ්‍රී ලංකාවට

Next Post

රසායනික පොහොර තහනමට පොහොට්ටුවේ පසුපෙළත් එරෙහි වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.