අනුරාධපුර – පර්සි කුරුනේරු සහ භාෂිකා හීන්දෙණිය –
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරනු ලබන ගුරුවරුන්ට ගෙවන ලද රුපියල් 2000/= දීමනාව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් සිදුකරන ගුරුවරුන්ටත් ලබාදෙන ලෙසත් එසේ නොගෙවන්නේ නම් හෙට සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කරන බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවැසීය .
ඔහු මේ බව ප්‍රකාශ කර අපොස සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන ගුරුවරුන් පිරිසක් එම පිළිතුරු පත්‍ර ඇගයිමෙන් ඉවත් වි අද දහවල් අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විදුහල ඉදිරිපිටදී පැවති විරෝධතාවයක දි ය.
මේ අතර ගම්පහ අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් උත්තර පත්‍ර ඇගයීම් සඳහා ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අද දහවල් (24) උද්ඝෝෂණයක නිරත වූහ.
උත්තර පත්‍ර ඇගයීම සඳහා දෛනිකව රුපියල් 2000ක දීමනාවක් උසස් පෙළ ඇගයිම් කරන ගුරුවරුන් වෙත ලබා දුන්න ද සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම සඳහා වූ දෛනික දීමනාව රුපියල් 1400 තෙක් අඩු කිරීම සම්බන්ධව මෙසේ විරෝධය දක්වන බව ඔවුහු කීහ.

ගම්පහ කලාපයේ උත්තර පත්‍ර පරීක්ෂණ මධ්‍යස්ථාන තුනක පරීක්ෂකවරු මෙලෙස විරෝධතාවයේ නිරතවූ අතර එම විරෝධය දැක්වීමෙන් අනතුරුව නැවත ඔවුහු උත්තර පත්‍ර පරීක්ෂාවේ නිරත වූහ.