රුපියල් පන්දහසේ දීමනාව ජූනි 02 සිට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින කොවිඩ් තත්ත්වය සහ සංචරණ සීමා හේතුවෙන් ආදායම් අහිමිවූවන් සඳහා ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ලබන ජූනි මස 02 වෙනිදා සිට ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇතැයි රජය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍යයට පවසා තිබුණේ කොවිඩ් තත්වය නිසා ආදායම් අහිමිවූවන්ට මෙම දීමනාව හිමි බවය. තවද රජයෙන් යම් දීමනාවක් ලබන අයෙක් සිටි නම් ඔවුන්ගේ ආදායම රුපියල් 5000 අඩුයි නම්, එම දීමනාව ද රුපියල් 5000 දක්වා වැඩි කරන බවය.

මෙවර රුපියල් 5,000 දීමනාව පවුල් ඒකක ලක්ෂ 60-65ත් අතර පිරිසකට ලබාදීමට සිදුවන බවත් මෙම දීමනාව පළමුව සමෘද්ධි හිමි පුද්ගලයින්ට ලබාදීම සිදුකරනු ලබන බවත් රාජ්‍ය ඇමතිවරයා කීවේය.




Exit mobile version