රුපියල් කෝටියක අල්ලසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා සිටි සභාපතිවරයා ඇතුළු මෙම නිලධාරීන් තිදෙනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (10) සවස එම අල්ලස ලබා ගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.
මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සඳහා සභාපතිවරයා ඇතුළු නිලධාරීන් මෙම අල්ලස ඉල්ලා ඇත්තේ පරිසර අමාත්‍යාංශ පරිශ්‍රය තුළ දී බව හෙළි වී ඇත
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගෙන් ලද තොරතුරක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇතැයි ඩේලි නිව්ස් වාර්තා කරයි.
ඩේලි නිවුස් කළ විමසීමකදී අමාත්‍ය ආචාර්ය රාජපක්ෂ තහවුරු කර ඇත්තේ වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තොරතුරු ලබා දුන් බවයි.
“අගතියට පත් ව්‍යාපාරිකයා විසින් සිද්ධිය පිළිබඳව මා වෙත පෞද්ගලිකව දන්වා තිබූණා. ඒ මත වැටලීම සිදු කරන ලෙස මම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට දැනුම් දුන්නා.” අමාත්‍ය ආචාර්ය රාජපක්ෂ පවසා ඇත.