රිෂාඩ් ගෙ කාලේ අපචාර වූ බව කියන වෙළෙඳ ඇමති නිල නිවස බන්දුල යළි රාජ්‍ය පරිපාලනයට බාර දෙයි…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මේ වනවිට තමන් පරිහරණය කරමින් සිටින කොළඹ 07 මැකන්සි පාරේ පිහිටි වෙළෙඳ අමාත්‍යාංශ නිලන නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යළි බාර දීමට කටයුතු කර තිබේ.

මෙම නිල නිවස මීට පෙර රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා විසින් භාවිත කර ඇති බවත්, එම වකවානුවේ දී ඒ තුළ කාන්තාවන් අපහරණයට ලක්ව ඇති බවට සැකකරන අපරාධ සිදුවී ඇති බැවින් පරීක්ෂණ කටයුතු පහසු කිරීම සඳහා මෙම නිල නිවස යළි භාර දීමට බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කටයුතු කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම මෙම නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 21ක මහජන මුදල් වියදම ද ඇමතිවරයා විසින් අනුමත නොකළ බව පැවසේ.

ඉකුත් දෙසැම්බර මාසයේ සිට වත්මන් වෙළෙඳ ඇමති විසින් මෙම නිවස භාවිතා කිරීම සිටී.

Exit mobile version