කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආසාදිත දරුවන් 600ක් පමණ වාර්තා වී ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ඇදන් සියල්ල කොවිඩ් ආසාදිත දරුවන්ගෙන් පිරී ගොස් ඇති බවත් රෝහල් අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා සදහන් කරයි.
රෝහල් ධාරිතාව ඉක්මවා යමින් රෝගී දරුවන් රෝහල් ගත කිරීම හේතුවෙන් මේ වන විට වෙනත් රෝහල් සදහා රෝගීන් මාරුකර ඇරීමටත් රෝහලට පරිබාහිරව වෙනත් ගොඩනැගිල්ලක් පවා තාවකාලිකව රෝගී දරුවන්ට සත්කාර කිරිම සදහා යොදා ගැනිමටත් සිදුව ඇතැයි අධ්‍යක්ෂවරයා පවසා සිටියි.
දිනකට කොවිඩ් වයිරසය ආසාදිත රෝගී දරුවන් 20 දෙනෙකුට අධික පිරිසක් රෝහල් ගත කරන බැවින් එය රෝහල් ධාරිතාව ඉක්මවා යාමට හේතුවක් වී ඇති බවද ඔහු පෙන්වාදේ.
කොවිඩ් වයිරසය ආසාදිත ඇතැම් දරුවන් මිය යෑමට හේතුව වී ඇත්තේ ප්‍රමාදවී රෝහල් ගත කීරීම බැවින් රෝගය උත්සන්න වීමට පෙර රෝහල් ගත කරන මෙන් අධ්‍යක්ෂවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
කෙසේ නමුත් දරුවන් අතර පැතිර යන්නේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය යන්න පිලිබදව මේ වන විට පර්යේෂණ ආරම්භ කර ඇති බවත් එහි ප්‍රතිපලයන් ඉදිරියේදී ලැබීමට නියමිත යැයිද වෛද්‍ය විජේසූරිය මහතා අවදාරනය කරයි.