අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටිනා ප්‍රබලම පාතාල අපරාධකරුවන් දෙදෙනෙක්වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂක හෙවත් කුඩු සළිඳුට සුපරි වෙළෙඳසලකින් ආහාර ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අවසර ලබා දුන්නේය.
සැකකාර නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂක වෙන්වෙන් මෝෂන් පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් නිතිඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහසේත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායකන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ආහාර ප්‍රමාණවත් නොන බැවින් පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසටය.
ඒ අනුව සැකකරුවන් රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා විසින් නම් කරන නිලධාරියෙක් මාර්ගයෙන් එම ආහාරපාන ලබා ගැනීමට කටයුතු කරන ලෙසට අධිකරණය නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීමක් සලකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.