රාජ්‍ය සේවකයන්ට 18000ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි… නුදුන්නොත් නොදන්වා වර්ජනය කරන බව කියයි!

ඉදිරි සති කීපය තුළ සමස්ථ රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳ අවධානය යොමුනොකරන්නේ නම් කිසිදු දැන්වීමකින් තොරව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව දන්වමින්  රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ජනපතිට ලිපියක් යවා තිබේ.

අයවැයෙන් රාජ්‍ය සේවකයන් නොසලකා හැර රුපියල් 18000ක වැටුප් සහ දීමනා ලබා නොදීම සම්බන්ධව දන්වමින්  මෙම ලිපිය යවන එම වෘත්තීය සමිති සම්මේලනය පෙන්වා දෙන්නේ   ලක්ෂ 15ක රාජ්‍ය සේවකයන් සහ ඔවුන්ගෙන් යැපෙන ලක්ෂ හැටක පිරිස මේ අයවැයත් සමග බරපතල ජීවන අර්බුදයකට ලක් වී ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය සම්බන්ධව සාධාරණයක් ඉටු නොවන්නේ නම් තමන් යළි දැනුම්දීමකින් තොරව කැඳවන වෘත්තීය අරගලයෙන් රටට සිදුවන හානියේ වගකීම රජය භාරගත යුතු බව රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය වෙනුවෙන් එහි ජාතික සංවිධායක බී.ඒ.පී. බස්නායක සිය අත්සනින්  යුතු  ලිපියෙන් ජනපතිවරයාට දන්වා ඇත.


Exit mobile version