රාජ්‍ය ඇමතිකම ගලවන්න කැබිනට්ටුවේදී මුලින්ම කට ඇරිය ඇමති ගැන සුසිල් කී දේ

ඊයේ (03) පැවති කැබිනට් රැස්වීමේදී තමා පිළිබඳ තීන්දුවක් නොගන්නේ මන්දැයි පළමුවෙන්ම විමසා ඇත්තේ අධ්‍යාපන, වෘත්තිය සුදුසුකම් හෝ දේශපාලනික පරිණතභාවයෙන් තමාගේ අසලක හෝ තැබිය නොහැකි අමාත්‍යවරයෙකු විසින් බව, රාජ්‍ය අමාත්‍ යධූරය අද අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ truth with චමුදිත යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ,


“කැබිනට් එකේ සාකච්ඡා කරන තැනට මම පත් වෙන්න තරම් මේගොල්ලන්ට කොයි තරම් වැදගත් කෙනෙක්ද බලන්න. කැබිනට් එකේ මං ගැන මුලින්ම කතා කරන්න පටන් ගත් කෙනා නම් කරන්න මම කැමති නෑ. නමුත් මගේ වෘත්තීය සුදුසුකම්වලට වත් මගේ තියෙන අධ්‍යාපන සුදුසුකම්වලට වත් අපේ දේශපාලනය ගැනවත් අපි කරපු කාර්යභාරය ගැන වත් මගේ අහලකටවත් එන්න බැරි කෙනෙක් තමයි ඇයි මෙයාව මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න නැතුව ඉන්න කියලා මුලින්ම අහල තියෙන්නෙ මට ආරංචි වෙච්ච හැටියට. නම කියන එක හරි නෑනෙ. ජේෂ්ඨ නං නෑ මට ඒගොල්ලන්ව.

පියන් කෙනෙක් වත් වෙන සුදුසු ගැන නැති කෙනෙක් අද පාර්ලිමේන්තු පාලනය කරනවා කියා ඔබ අදහස් කළේ කාවද ?

“රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණියකට යන්නත් සාමාන්‍ය පෙළ විෂයන් හයක් සමත් වෙන්න ඕන . කම්කරුවෙක් වුණත් ගොවියෙක් වුණත් උගත්කමක් නැති යම් විනයක් තියෙන්න ඕන.

අය-වැය විවාදයේ දී අධිකරණ අමාත්‍යාංශය ගැන මම කතා කරන්න ඉල්ලුවා. මෙතනින් පස්සෙත් මම යන්නේ අධිකරණයට. මෙතෙන්ට (දේශපාලනයට) ආවෙත් මම අධිකරණයේ ඉඳලා. ඒ විෂය කතා කරන්න පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් දෙන්න ඕන නීතිඥයන්ටනේ. හැන්සාඩ් ටික අරන් බලන්න අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂයට කතා කරපු කථිකයෝ කවුද කියලා. සමහර අය මහේස්ත්‍රාත් උසාවියේ විත්ති කූඩුවට නගිනවා. මහාධිකරණයේ විත්ති කූඩුවට නගිනවා. ඒ අයගේ අධිචෝදනා පත්‍ර මම කියවලා තියෙනවා ඒ අය නොදන්නවාට. මම බය නෑ මේවා කියන්න.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තුවේ මම ඉන්නේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හැටියට. ඒක ඒ විදියට යනවා. ස්වාධීන වෙන්න අදහසක් නෑ. ” ඇයි ද මන්ත්‍රීවරයා කීය.

Exit mobile version