රාජ්‍ය සේවයෙන් තුනෙන් එකක් අඩුවීමෙන් එම සේවය පවත්වා ගැනීමට සඳහා කිසිදු බාධාවක් ඇති නොවන බවත් නිශ්චිත කාර්ය නියමක් නැති රාජ්‍ය සේවකයින් තවදුරටත් නඩත්තු කිරීම ගැටලු සහගත බවත් ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පවසයි.
ඊයේ (24) විශේෂ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් රාජ්‍ය සේවයේ අතිරික්ත සේවකයන් සිටීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.
“විධිමත් බඳවා ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කරපු අවස්ථා තිබෙනවා. නිශ්චිත තනතුරකට ඇබෑර්ත් නෑ. හැබැයි රැකියා විරහිත උපාධිධාරීන් ඉන්නවා නම් බඳවා ගන්නවා.“
“ඒ විදිහට සමහර සංස්ථා, මණ්ඩල කියන ඒවායෙ දී මේ කාර්ය මණ්ඩාල සංඛ්‍යාව නොසලකා යම් යම් අධිකාරී විසින් බඳවාගෙන තියනවා වරින් වර.“
කම්කරු, කාර්ය සභායක වගේ තනතුරු ඇරණහම අනෙක් ඔක්කොම රාජ්‍ය සේවයට එන්න ඕන තරග විභාගවලින්.
“මුළු රාජ්‍ය සේවයෙන් තුනෙන් එකක් ඉන්නේ ඒ කැටගරි එකේ. අපි තුනෙන් එකක් නඩත්තු කරන්නෙ මේ කියන කම්කරු, රියදුරු, සහායක කියන ප්‍රමාණය. මේවා තවදුරටත් මෙහෙම නඩත්තු කරන්න බෑ.“
අපි අවුරුද්දකට රාජ්‍ය වැටුප් සඳහා බිලියන ගණනක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා. ස්ථිර වශයෙන්ම අපි හැමෝම දන්නවා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය . නිකන් ඉඳලා පඩි ගන්න පිරිසක් ඉන්නවා පේනවා. ඒකට හේතුව නිශ්චිත තනතුරක් නැතිව බඳවා ගත්තු ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ ඉන්නවා. සමස්ථයක් විදිහට ගත්තම රාජ්‍ය සේවයෙන් තුනෙන් එක්ක අඩුවුනත් මහජන සේවය පවත්වා ගන්න මේ රාජ්‍ය සේවයට බැරිකමක් නෑ“