අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ඇමැතිවරු වැටුප් සහ වරප්‍රසාද අත්හරින බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි!

by editor
සැප්තැම්බර් 8, 2022
in පුවත්
State-Ministers
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා වැටුප් සහ වරප්‍රසාද අත්හැර ඇති බව ජානධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අද (08) දිවරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු එසේ පවසා ඇතැයි  එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යභාරය වී ඇති බවත් ඒ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ආණ්ඩුවේ වගකීම් දරමින්  රේඛීය අමාත්‍යාංශ වෙත උපරිම සහායෝගයක් දැක්වීම තම අපේක්ෂාව බවත් ඔවුන් පවසා ඇතැයි ජනාධිපති මාධ‍්‍ය අංශය පවසයි.

ඒ පිළිබඳව ඇමතිවරුන්ගේ ප්‍රකාශ එහි මෙසේ සංක්ෂිප්ත කර ඇත.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න  –

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   කළ යෝජනාව අනුව රාජ්‍ය වියදම් අඩු කිරීම වෙනුවෙන් අප සියළු රාජ්‍ය ඇමැතිවරුන් වැටුප් ලබා නොගැනීමට තීරණය කළා. ජනතාව මේ වේලාවේ සිටින තත්ත්වය අප හොඳින් තේරුම් ගෙන තිබෙනවා. ජනතාව මේ පීඩාවෙන් ගොඩගැනීමට අවශ්‍ය  කටයුතු අප සිදු කරනවා.

කැබිනට් ඇමැතිවරුන් පවා අද වැටුප් ලබා නොගෙනයි කටයුතු කරමින් ඉන්නේ.‍ එක් කැබිනට් ඇමැතිවරයෙක්ට විශාල ක්ෂේත්‍රයක් ආවරණය කරන්න සිදුවෙනවා. අපි මේ තනතුරු පවා ගත්තේ ඔවුන්ට සහායෝගය දක්වමින් ජනතාවට කඩිනම් සහන ලබාදීමටයි.

ජනමාධ්‍ය  රාජ්‍ය  අමාත්‍ය ශාන්ත බණ්ඩාර

වර්තමානයේ ආර්ථික වශයෙන් වැටී තිබෙන රට ගොඩනැගීම අප සියලුම දෙනාටම වගකීමක් තිබෙනවා. අමාත්‍යාංශය, විෂය පථය කුමක්ද කියන එක පසෙකලා තමන්ට ලැබී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කළ යුතුයි.

අපි ජනාධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කළා ඇමැති වැටුප නොගෙන මන්ත්‍රී වැටුප පමණක් ලබාගෙන ඉදිරියට යන්න. මේ වෙලාවේ අපේ පැත්තෙන් කළ හැකි යුතුකමක්ම රට වෙනුවෙන් කළ යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා කටයුතු කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කිසිදු කටයුත්තක් කරලා නොමැති බව විශේෂයෙන්ම සදහන් කළ යුතුයි.

ආයෝජකයන් පැමිණීමට, ණය ආධාර ලබා ගැනීමට ශක්තිමත් ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා. ඊට දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. කැබිනට් මණ්ඩලයක්, රාජ්‍ය ඇමැතිවරු ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් අවශ්‍යයි. ආණ්ඩුවේ ශක්තිමත්භාවය රඳා පවතින්නේ ඒ අනුවයි. මේ ගත් තීරණය නිසා  අයිඑම්එෆ් වැඩසටහනටත් යම් වාසිදායක තත්ත්වයක් තිබෙනවා. යම් ඉලක්කයක් අනුව සියලුම දෙනා කැපවීමෙන් කටයුතු කරන අතරම ජනාධිපතිවරයාට අපේ ප්‍රශංසාවත් මේ වෙලාවේ හිමි වෙනවා.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්  

වරප්‍රසාද තිබුණත් නැතත් පසුගිය කාලයේ වැඩ කළා. ඒ වගේම මේ රාජ්‍ය අමාත්‍යාංශය ආභරණයක් කර කරගන්න වුවමනාවක් නැහැ. එදත් වැඩ කළා. අදත් වැඩ කරනවා. එනිසා වරප්‍රසාද ගන්න, වාහන පසුපස, ඉන්ධන පසුපස දුවන්නත් නෙමෙයි මේ අමාත්‍යාංශය භාර ගත්තේ. අපි ජනතාවට සේවයක් කරන්න ග්‍රාමීය අමාත්‍යාංශය භාර ගත්තා. මේක ගමේ ජනතාවත් එක්ක වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. නව ධූරය හරහා ජනතාවට උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර

පසුගිය කාලයේ රට දේශපාලන වශයෙන් අර්බුදයකට ලක්ව තිබුණා. ඒ වෙලාවේ මේ රට කවුරුත් භාර ගත්තෙ නැහැ. එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එදා අගමැති ධූරය භාර ගත්තා. පසුව නැවත ජනාධිපති ධූරයත් භාර ගත්තා. පාර්ලිමේන්තුව තුළින් අපේ සහාය ශක්තිය එතුමාට ලබා දුන්නා. ජනාධිපතිවරයාගේ සහායට ඉන්න රාජ්‍ය ඇමැතිවරුන් පත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වැඩ කරන්න අපට අවකාශය ලබා දී තිබෙනවා. එතුමාගේ දෑත් ශක්තිමත් කරන්න මේ තනතුරු භාර ගත්තා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය  අරුන්දික ප්‍රනාන්දු  :

ජනාධිපතිවරයාගේ තීන්දුව පරිදි රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් මේ දිවුරුම් දුන්නේ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි. එතුමා ජනාධිපති කළේ අපි විසින්. අපේ ආශිර්වාදය ඇතුවයි එතුමා ජනාධිපති ධූරය භාර ගත්තේ. එහිදී අපි කොන්දේසි විරහිතව සහයෝගය දිය යුතුව තිබෙනවා. රාජ්‍ය ඇමැතිවරු වශයෙන් අපි විශේෂ වරප්‍රසාද ලබා ගන්නේ නැතිව මන්ත්‍රී වැටුප පමණක් ගන්න අප තීන්දු තීරණ අරන් තිබෙනවා.   අපි කිහිප දෙනෙක් නෙමෙයි අපි සියලුම දෙනාම ඒ තීන්දුව අරන් තිබෙනවා.  වරප්‍රසාද අරගෙන කැරලි ගහන්න අපට අවශ්‍ය නැහැ. අනෙක් මන්ත්‍රීවරුත් අපට සහායෝගය දෙයි කියලා විශ්වාස කරනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත  :

මේ මොහොතේ රටක් විදිහට එකතු විය යුතු කාලය එළැඹ තිබෙනවා. ඒ කාලයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට රටේ සියලු දිසාපති, ප්‍රාදේශීය කාර්යාල එකතු කරලා රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරලා රට ගොඩනගන්න අවශ්‍යයි. වරප්‍රසාද මත නෙමෙයි මේ තීන්දු තීරණ ගත්තෙ. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ශක්තියක් ලැබුණොත් තමයි රටට ජනතාවට සේවයක් කරන්න පුළුවන්.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

අපි මේ වෙලාවේ රට පවතින තත්ත්වය අනුව ආර්ථික අරගලයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒ අරගලය ජයග්‍රහණය කරන්න, ජනතාව දිනවන්න ඇප කැප වෙලා කටයුතු කරනවා. මේ තනතුරින් කිසිම වැටුපක් වරප්‍රසාදයක් ගන්නේ නැහැ.  නමුත් රට දුවන්න, රාජ්‍යය පවතින්න, රාජ්‍යයේ ආරක්ෂාව අවශ්‍යයි. ඒ වෙනුවෙන් අප සියලුම දෙනාම ඇප කැප වෙනවා. රටේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්න සියලුම දෙනාම එකතු වෙනවා

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  

රාජ්‍ය ඇමැතිවරුන් හැටියට අපි තීන්දු කළා වැටුප් නොගන සේවාව කරන්න. අපි සියලුදෙනා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. රටේ ඇතිව තිබෙන දුෂ්කරතාව කඩිනමින් යථා තත්ත්වය පත් කිරිමට අප කැපවීමෙන් කටයුතු කරනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

14 හැවිරිදි දැරිය සමූහ දූෂණයට ලක් කළ අපරාධකරුවන් රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

ගල් අඟුරු ඇත්තේ ඔක්තොම්බර් 25 දක්වා පමණයි… රට පැය 12ක් අඳුරේ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.