රොෂාන් දිලිප් කුමාර –
රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රිඩාංගනයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ඔප්පු බෙදා දීමේ උත්සවයකට ජනතාව විරෝධය පළ කිරීම නිසා ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ ඊට සහභාගී නොවීය.
ඇමතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජනතාව ප්‍රදේශයේ කලුකොඩි ප්‍රදර්ශනය කර තිබුණි.
කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයා එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඔහු එම ස්ථානයට නොපැමිනීමට කටයුතු කළේය.
ලංකාදීප –
Discussion about this post