රාගල්වත්තේ පිලිස්සී මළ අසරණයෝ අවසන් ගමන් යති…

රාගල වත්තේ මැද කොටසේ දී වටහාගත නොහැකි ලෙස ගිනිගෙන පිලිස්සී නිවෙස තුළම මිය ගිය අසරණයින් පස්දෙනාගේ අවසන් කටයුතු ඊයේ රාත්‍රියේ දී සිදුවිය. අවසන් කටයුතු සිදුවන්නේ රාත්‍රී 10ට පමණය.

 ගින්නෙන්  පිලිස්සි ජිවිතක්ෂයට පත් පස් දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජේ.කේ.රාජගුරු   විසින් සිදුකළේය.   එහිදි ජිවිතක්ෂයට පත් පස් දෙනාගේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කළ අධිකරණ වෛද්‍යවරයා මරණ සම්බන්ධව විවෘත තින්දුවක් දුන්නේය.

උපන්දින සාදය දා අවසන් පැය කීපය… මේ ඡායාරූප ගෙන පැය කීපයක් ඇතුළත් මේ අසරණයින් පිලිස්සී මිය යන්නේය.

පශ්චාත් මරණ පරික්ෂණය අවසන් විමෙන් පසු දේහයන් සහිත පෙට්ටි මුද්‍රා තැබිණි. අනතුරුව වතු යායට රැගෙන ගිය මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු මහා රාත්‍රියේ කිතුණු ආගමික වතාවත් අවසන දී සිදු කෙරනි. 


පිලිස්සී මියගොස් තිබුණෙ රාමයියා තංගයියා – දරුවන්ගේ සියා (61), සෙල්වමුත්තු පෙච්චුමි – දරුවන්ගේ මිත්තණිය (57) , තංගයියා සන්ධ්‍යා – දරුවන්ගේ මව (34) , දරුවන්ගේ මවගේ පෙර සැමියාගේ පුතෙකු වන සත්‍යනාදන් තුවාකරන් (13),  වර්තමාන සැමියාගේ පුතෙකු වන මොහන්දාස් හෙරෙෂන් (01) ය. මේ අසරණයින් පස් දෙනා මිහිදන් වූයේ එකම වළකය.

එකම වළක මිහිදන් වෙමින්…

පසුගිය 07 වෙනිදා නිවසේ එක් වියැති දරුවාගේ උපන් දිනය ය. ඔවුන් දරුවා වෙනුවෙන් කෙක් කෑල්ලක් කපන්නේ රාත්‍රී 7ට ය. එදිනම රාත්‍රී 10.30 ට නිවෙස ගිනිගෙන අලු වෙන්නේය. කෙඳිරියක ශබ්දයක් නොමැතිව, මරණයෙන් ගැලවීමට උත්සාහයක් නොමැතිව නිවැසියන් පස් දෙනාම ඒ තාවකාලික නිවස තුළ දැවී යන්නේය.   

නිවස ගිනි ගැනිම සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයාද රාගල ප්‍රදේශයට ගොස් ස්ථාන පරික්ෂාවක් පවත්වා තිබිණි.  නිවස ගිනි ගැනීම සම්බන්ධයෙන් රාගල පොලිසිය ඇතුළු තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් අංශ කිහිපයක් ඔස්සේ වෙන් වෙන්ව පරික්ෂණ පවත්වන බව නුවරඑලිය පොලිස් කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය කීවේය. රටම මේ අසරණයින් මිය ගිය ආකාරය පිළිබඳව විමසිලිමත් වී සිටින්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැළපෙන මිනිස්සු…

 

Exit mobile version