කුඩා දරුවන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකුට මරු කැඳවමින් නුවරඑළිය රාගලවත්ත මැද කොටසේ නිවසක ඇති වූ ගින්න ඇතිවූ ආකාරය ගැන විමසීමට රජයේ රස පරීක්ෂකවරයා ගෙන්වා ඇතැයි වාර්තා වේ.
මාස කීපයකට කලින් තාවකාලිකව තනා ගත් එම නිවසේ පදිංචිව සිට ඇත්තේ අවුරුද්දක් සහ අවුරුදු 11ත් දරු දෙදෙනාත් මවත්, දරුවන්ගේ සීයා සහ ආච්චීත්ය. ගින්නෙන් 59 හැවිරිදි රාමයියා තංගයියා, ඔහුගේ බිරිඳ වන 54 හැවිරිදි සිවනමුත්තු ලෙච්චමී ඔවුන්ගේ දියණිය වන තිස් පස් හැවිරිදි ජෙකුමාරි නදියා සහ දරු දෙදෙනා මිය ගොස් ඇත.
ඊයේ ( 07) එම නිවසේ වසරක් පිරෙන දරුවාගේ උපන් දින සාදය පත්වා තිබේ. ගින්න හටගෙන මුලු නිවසම දවා අලු කිරීමට ගොස් ඇත්තේ ස්වල්ප වෙලාවක් බව වාර්තා වේ.
මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත. අපරාධ පරීක්ෂණ අංශ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.







