රසායනික පොහොර ගෙන්වීමට අද සිට පුද්ගලික අංශයට අවසර….ආනයනය තහනම් කළ ගැසට් නිවේදනය අවලංගුයි..

රසායනික පොහොර සහ පළිබෝධ නාශක සහ දියර පොහොර  ආනයනය කිරීම සඳහා අද (24) සිට පුද්ගලික අංශයට අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කැබිනට් තිරණ දැනුම් දීමට සංවිධානය කළ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව පසුගිය දා රසායනික පොහොර සහ පළිබෝධ නායක ආනයනය කිරීම තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය.


රසායනික පොහොර ආනයනය අවලංගු කර රසායනික පොහොර ගෙන්වීමට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version