බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රසදියෙන් විදුලිය උපදවන පුංචි බලාගාරයක් හැදූ ගම්පොල ගැමියා… ගෙවල් 07ක ට විදුලිය…

by editor
ජූලි 4, 2022 - Updated on ජූලි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි කප්පාදුව මහා අවුලකි.  මේ ජීවන බර මැද්දේ  විදුලි බිල ඉහළ යාම දරාගත නොහැකි පීඩාවකි. විකල්පයකට නොගියහොත් මේ බර අපව යට කර සුන් කර  දමන බව සහතික කොට කිව යුතුව තිබේ. එවැනි විකල්ප විදුලි ජනකයක් නිපදවූ තරුණයෙක් හමුවෙන්නට ගම්පොල දොළුවට  ගියෙමි. ඔහු රසදිය ඉන්ධනයක් ලෙස භාවිතා කරමින් විදුලි ජනන යන්ත්‍රයක් නිර්මාණය කර තිබුණේය.

 

රසදියෙන් විදුලිය උපදවන බලාගාරය…

විකල්ප සොයන මිනිස්සු දෙපයින් අල්ලා පොළොවේ ගසන කාලකණ්ණිකම මිස එවැනි සාධනීය විකල්ප වෙනුවෙන් මේ රට අවස්ථාවක් ලබා දුන් බව අප දන්නේ නැත.

රසදියෙන් විදුලි ජනකයක් හැදූ  විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න එවැනි නව නිර්මාණ  ගණනාවක් රටට බිහි කළ නිර්මාණකරුවෙකි.  එහෙත් ඔහු තවමත් ඔහුගේ නැපැයුම් සමගම  කුණුමුල්ලේය.

වරෙක ඔහු ෆයිනස් භාවිතයෙන් ඉන්ධන හැදුවේය.  අනතුරුව  හෙලිකොප්ටරයක් ද තැනුවේය . ඉන්පසුව කසල ප්‍රශ්නයට විසඳුමක් ලෙස යකඩ පවා ඇඹරි ය හැකි  ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය නිපදවූයේ ය. ඒ කිසිවක් කිසිදු රජයකින් අගය කළේ හෝ ඊට අතහිත දුන්නේ   නැත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

විකුම්  රසදිය ඉන්ධනයක් ලෙස භාවිත කරමින් විදුලිය ජනනය කිරීමේ යන්ත්‍රයක් සකස් කරන්නේ මේ සියලුම අහිතකර පීඩා දරාගෙනය.

ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් අදාළ යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය උපයෝගි කරගෙන නිවසේ සියලු විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට  සමත්ව ඇත්තේය.

රසදියෙන් හදන විදුලිය…

මිනිරන් වලින් සකස් කරන ලද එන්ජිමකට රසදිය යොමුකර ඒ තුළදී සෙල්සියස් අංශක 300 ක පමණ උෂ්ණත්වයක් යටතේ රසදිය භ්‍රමණය කිරීම මගින් උත්පාදනය වන චුම්භක ක්ෂේත්‍රය පදනම් කර ගනිමින් කිලෝ වොට් 07 ක ටර්බයිනයක් කැරකවීමෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය සිදුවන බව විකුම් අපට කීවේය.

වසර හයක පමණ කාලයක් රසදිය ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව සොයා ගැනිම සිදුකර තිබෙන අතර එමගින් මේවන විට කිලෝ වොට් 07 ක විදුලි උත්පාදනයක්  සිදුකර තිබේ.

නව නිෂ්පාදනය සමබන්ධව විකුම් දිඹුල්ගස්තැන්න   මෙසේ විග්‍රහ කළේය.මේ

“වන විට විදුලිය නිෂ්පාදනය සඳහා  ලෝකයෙ ජලය, දැවි තෙල්, ගල් අඟුරු,ඩීසල් ,පෙට්ට්‍රල් වගේ දේවල් යොදා ගන්නවා. ජලය හැරුණම අනිත් දේවල් ක්ෂය වෙනවා. ජලය වුණත් වියළි කාලයේදී අඩු වෙනවා.

රසදිය කියන්නේ ක්ෂය වන ලෝහයක් නෙවෙයි. එක් වරක් පමණයි රසදිය යොදන්න ඕන. ඊට පසු අපට තිබෙන්නේ ප්‍රතිලාභ ගන්නයි.

මේ වනවිට අපට අඛන්ඩ විදුලි සැපයුමක් කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඉන්ධන හිඟය නිසා රටම අවුලකට පත්වෙලා. අනිත් පැත්තෙන් විදුලි ගාස්තුත් විශාල ලෙස වැඩි කරන්න යනවා. රසදිය භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කළොත් අපිට අඛන්ඩව ඉතා අඩු මුදලකට විදුලි ඒකකයක් ජනතාවට ලබා දීමට පුළුවන්.

ලෝකයේ කිසිදු රටක මේ ක්‍රමය භාවිත කරමින් විදුලිය උත්පාදනය කරලා නැහැ. බටහිර ජාතීන් මේකෙන් මොනවා හරි කරලා නැත්නම් අපිට කරන්න පුළුවන්ද කියන මානසිකත්වයේ ඉඳගෙන බැලුවොත් අපි ඉවරයි.

රාවණා දඬු මොණරය රැගෙන ගියෙත් රසදියෙන් කියලා කියනවා. මේවා අපේ සංස්කෘතිය හා බැදුණු දේවල්. රසදිය  කිලෝවක් යොදා ක්‍රියාත්මක කරන යන්ත්‍රයෙන් මම නිවසේ බල්බ් 15 ක් විතර දල්වනවා .රූපවාහිනිය, රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. කාර්මික වැඩපොළේ සියලු කටයුතු කරන්නෙත් රසදියෙන් නිපදවන විදුලි බලය ආධාරයෙන්.

බලාගාරය හැදූ ගැමියන් කණ්ඩායම

මේක දියුණු කරන්න… විදුලි මාෆියාවට උත්තර හොයමු…

නව විදුලි උත්පාදන යන්ත්‍රය සකස් කිරීමට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැය වූ බව ඔහු පවසයි. රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳව විධිමත් සොයා බැලීමක් කර එය රටේ ක්‍රියාවට නැන්වීම සඳහා මැදිහත් වන ලෙස ඔහු රජයෙන් ඉල්ලීමක් කරයි.

“රටේ විශාල විදුලි මාෆියාවක් තිබෙනවා. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම යථාර්ථයක් කරගන්න සමහරු ඉඩ දෙන්නේ නැහැ. අපි රටක් ලෙස මේ මානසිකත්වයෙන් මිදිය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ රටම අගාධයට ගමන් ගැනීමයි. අපි නව නිපැයුමක් කළොත් ගොඩක් අය කරන්නේ ඒකට අතදීම වෙනුවට පාගලා බිමට තල්ලු කිරීමයි. මට එවැනි අත්දැකීම් ඕන තරම් තිබෙනවා. මේ නව නිපැයුම තවත් දියණු කර රටේ ආර්ථික ක්‍රියාවලියට ශක්තියක් කර ගැනීමට කටයුතු කළොත් අපේ අනාගත බලශක්ති අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගත හැකියි.

රසදිය භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන නව යන්ත්‍රය බිහි කිරීම සදහා ප්‍රදීප් නිශ්ශංක, සරත් වික්‍රමසිංහ, කිංග්ස්ලි රාජපක්ෂ, ආර්.එම් නන්දසේන, කේ.පී රත්නසිරි, ලසන්ත කුමාර, ගාමිණි සංජීව, එරංග ලක්ෂිත යන අය විකුම් ට කාර්මික අංශයෙන් සහය ලබා දී තිබේ.

නව යන්ත්‍රය උපයෝගි කරගෙන එළඹෙන නිකිණි මහේ ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ආලෝක පූජාවක් පැවැත් වීම විකුම් ගේ බලාපොරොත්තුවයි…..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩිපෝවලින් තෙල් අරන් පුද්ගලික බස් කරුවන් ඉන්ධන ජාවාරමක…

Next Post

ඉන්ධන – සේවා ප්‍රමුඛතතාවය සහ  කුණුවන නගර!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.