fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂයි! රාජපක්ෂ පවුලේ අනුප්‍රාප්තිකයා ඔහුයි…..

සති 4ක් ago
in පුවත්
503 5
0
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලේ අනුප්‍රාප්තිකයා බවත් ඔහුව ජනාධිපති පුටුවේ ඉන්දවනු ලැබුවේ බැසිල් රාජපක්ෂගේ  ඉත්තන් එහා මෙහා සෙලවීමෙන් බවත්  ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසීය.

මේ රටේ සාමාන්‍ය ගැමියෙක් සතු වූ අවම මානුෂික සදාචාරයක් හෝ අවංකභායවත්  රහිතව පෑලියගොඩ මාළු මාර්කට් එකේ කුණු මාළු විකිණෙන්නා සේ විකිණෙන මිනිස් කඳන් කඳන් මිල දී ගනිමින් පාර්ලිමේන්තුව සිදුකළ මේ දුර්දාන්ත සූදුව මොනතරම් ජුගුප්සාජනක එකක් දැයි අවධිමත් සමාජය දුටු බවත් ඔහු කීය.

මහින්දානන්ද අලුත්ගමගේ කී පරිදි හිරේ දමන තුරු නින්ද නොයන බව කී මහබැංකු හොරා, හොරාව හිරේ දමන්නට මහ ජනතාව විසින් ලබාදුන් ඡන්දයෙන් බලයට පැමිණි උදවියගෙ ඡන්දයෙන් ජනාධිපතිවරයා වීම  අප ඉදිරිපිට තිබෙන දේශපාලන කඳවුර මොන තරම් ජුගුප්සාජනක, මොන තරම් පිළිකුල්, මොනතරම් අපරාධකාරී කඳවුරක්ද යන්න  අපට තේරුම් කරන බව ඔහු පැවසුවේය.

අනුරකුමාර දිසානාය මෙසේ ද පැවසුවේය.

මහින්දලා කී  රනිල් වික්කමසිංහ

මේ ජනාධිපතිවරණය දෙස බැලුවම  පොත් සිය ගණනක් කියවලා තේරුම් ගන්න බැරි වුණු දේශපාලන යථාර්ථයන් ඉතා කුඩා නිමේෂයකින් තේරුම් ගන්න පුළුවන්.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට විශාල ජනවරමක්  ලබාගන්නත්,  මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට 2/3කට ආසන්න බලයක් ලබාගන්නත්  ප්‍රධානම හේතුව වුණේ රනිල් වික්‍රමසිංහගේ පාලනය.  ඔවුන්ගේ මැතිවරණවල ප්‍රධානම සටන් පාඨය වුණේ “මහ දවල් මහබැංකු මහා කොල්ලයේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහ” කියලයි. ඔහුට දඬුවම් දෙන්න ජන වරමක් ඉල්ලුවා.

ඒ වගේම සමාජය  තුළ  විශාල කම්පනයක් ඇතිකළ පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීපාල සිරිසේනට වගේම රනිල් වික්‍රමසිංහට පැවරෙන බවත් සිය ගණනක් වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට ගෙනියන බවත් ප්‍රකාශ කිරීමෙන් එම මැතිවරණවලදී විශාල ජයග්‍රහණ ලබාගත්තා.

හම්බන්තොට වරාය  රනිල් වික්‍රමසිංහ විකිණූ අවස්ථාවේ ඒ ගේට්ටුව ආසන්නයට ගිහින් කෑගහපු අය කීවේ “රනිල් වික්කමසිංහ” කියලයි. ඒ කියන්නේ විකුණන්නම උපන් කෙනෙක් කියලයි. අපේ රටේ ආර්ථීකය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා 2015-2019 කාලයේ ඩොලර් බිලියන 12ක් අරගෙන විශාල ණය කන්දක හිර කළා කියලා චෝදනා කළා. මේ ආර්ථිකය විනාශකාරීත්වයට එරෙහිව ගෙනගිය  හඬ නිසා විශාල බලයක් එම මැතිවරණ දෙකේදී ලබාගත්තා.

පාර්ලිමේන්තුවේ කැත මඩ ගොහොරුව

රනිල් වික්‍රමසිංහත් ඔහුගේ පාලනයත්, ඔහුගේ දෘෂ්ටිවාදයත් පරාජයට පත්කිරීමට අපේ රටේ ජනතාව විශාල ජනවරමක් ලබාදුන්නා. නමුත් ඒ මන්ත්‍රීවරුන්ගෙන් නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටිනවා.

මෙවැනි කැත මඩ ගොහොරුවක් බවට පත්වී තිබෙන අප්‍රසන්න දේශපාලනය අපේ රටට අවශ්‍යද?.  රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔබේ ඡන්දයෙන් තෝරා පත්කර යවන නියෝජිතයා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට ඡන්දය ලබාදෙනවා. මේ කැත මඩ ගොහොරුවක් වී තිබෙන දේශපාලනය පිරිසිදු කිරීමේ වගකීම අපි බාර ගන්නවා.

ඩලස් අලහප්පෙරුම ඒ වගේ. විශාල ගං වතුරට ගහගෙන යන නයි, මුගටි ගංවතුරෙන් බේරෙන්න එකම ලී කඳකට එකතු වෙනවා වගේයි. මෙවැනි දේශපාලනයක් අපේ රටට අවශ්‍යද?

පෑලියගොඩ කුණු මාලු ගානට විකණෙන මිනිස් කඳන්…

හැම  තීරණාත්මක අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරුදහන් වෙනවා, රෝගී වෙනවා. දුරකතනවලට කතා කරන්නේ නැතිව යනවා. හෝටල්වල  පදිංචි කරවනවා. අන්තිමේ මිලදී ගැනීම්වලට ලක් වෙනවා.

අපේ රටේ සාමාන්‍ය ගැමියන්ටත් තමන් පිළිබඳව අවංකභාවයක් තිබෙනවා. නමුත්  මේ පාර්ලිමේන්තුව පෑලියගොඩ මාලු මාර්කට් එකේ එහෙට මෙහෙට කුණු මාලු විකිණෙනවා වගේ මිනිස් කඳන් විකිණෙනවා.

මේ රටේ ජනතාව විශාල  නැගිටීමක් හරහා පෙන්වා දුන්නේ පවතින අප්‍රසන්න දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව විශාල විරෝධයක්. ඒ නිසා මේ දේශපාලන පොර පිටිය පිරිසිදු පොර පිටියක් බවට පත්කිරීමේ වගකීමක් අපට තිබෙනවා. වරප්‍රසාදවලට, සල්ලිවලට එහෙට මෙහෙට පනින මිනිස් කඳන් ලෙස ගොඩනැගුනු මේ පාර්ලිමේන්තු වෙනුවට මිනිස්සුන්ගේ අදහස් සංවාදයට භාජනය කර නිවැරදි තීන්දු-තීරණ ගන්න මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත්කළ යුතුයි. අන්න ඒ දේශපාලන සටනට අපි නායකත්වය ලබා දෙනවා.

පාර්ලිමේන්තුවේ තීරණාත්මක හැම අවස්ථාවකදීම අප ගන්නා ලද ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු ආරක්‍ෂා කරමින් ජනතාව වෙනුවෙන් වගකියන දේශපාලනයක අප නියැලී සිටිනවා. ජාතික ජන බලවේගය වගකීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කටයුතු කරන අතර ඒ වටා එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුව හසුරුවන රාජපක්ෂ භූතාත්ම

මෙරට ඉතිහාසයේ විශාලතම ජනතා නැගිටීම තිබුණේ රාජපක්‍ෂ කඳවුරට එරෙහිව. සාරවත් කඳන් හාරලා විනාශ කරන කඳ  පණුවන් වගේ රාජපක්‍ෂලා අපේ රටේ ආර්ථීකය, දේශපාලනය, අයිතීන් විනාශ කර දැම්මා. ඒ නිසා අපේ රටේ ජනතාවගේ නැගිටීමේ ප්‍රධාන සටන් පාඨය වුණේ ගෝඨාභය රාජපෂට පළා යන්න සිදුවුණා. මහින්ද රාජපක්‍ෂටහමුදා කඳවුරකට ගාල් වෙන්න සිදුවුණා. බැසිල් රාජපක්‍ෂට එයා පෝට් එකෙන් යන්න බැරිවුණා. නාමල් රාජපක්‍ෂ ඇතුලු පවුලේ අයට එලියට බහින්න බැරිවුණා. රාජපක්‍ෂ පවුල එතරම් අති මහත් විනාශයක් අපේ රටට සිදුකර තිබෙනවා. ඊට එරෙහිව තිබුණු ජනතා නැගිටීම හමුවේ පාර්ලිමේන්තුවේදී සිදුවුණේ රාජපක්‍ෂ කඳවුර යළි නැගිටීමයි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධුරයෙනුත්, අගමැති ධුරයෙනුත් ඉවත් කළත් හැම වෙලාවේම පාර්ලිමේන්තුව තිබුණේ රාජපක්‍ෂලා අතේ. ඒ නිසා ඕනෑ වෙලාවක තමන්ට සිතැඟි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්කරගන්න පුළුවන්.

මේ නිසා අපි දිගින් දිගටම අවධාරණය කළේ රාජපක්‍ෂ කඳවුර පරාජය කරන්න  නම් ගෝඨාභය, මහින්ද එළවීමෙන් පමණක් ප්‍රමාණවත් නැහැ කියලා. ඔවුන් පරාජය කිරීමට අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව අපි අවධාරණය කළා. රටෙනුත් පළවා හැරි රාජපක්‍ෂ කඳවුරේ භූතාත්මයන් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා.

බැසිල්ගේ ඉත්තන් සූදුවෙන් බලයට පැමිණි රාජපක්ෂ  අනුප්‍රාප්තිකයා රනිල්

මහින්ද රාජපක්‍ෂගේ භූතාත්මයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්‍ෂ අනුප්‍රාප්තිකයා. ගැලවුම්කරුවා. ආරක්‍ෂකයා. මේ සමස්ත ඉත්තො සෙල්ලමම ඇති කළේ බැසිල් රාජපක්‍ෂ. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළාට පසුව  උද්දාමයෙන් කෑගැහුවේ බැසිල් රාජපක්‍ෂගේ සමීපතම කවය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්‍ෂගේ නිර්මාණයක්. එළියේ රාජපක්‍ෂ පවුල පරාජයට පත් කළත්  පාර්ලිමේන්තුවේ ඒ භූතාත්මයන් බලවත් වී තිබෙනවා.

රාජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කරන්න නම් ජනතාව විසින් පරාජයට පත් කළ ඒ කඳවුර පාර්ලිමේන්තුව තුළත් පරාජයට පත් කළ යුතුයි. රාජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීමේ වගකීම අපි බාර ගන්නවා. පාර්ලිමේන්තුව තුළ ඔවුන් පරාජයට පත් කරන්න නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන වරමක් සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. ඒ අවස්ථාව ලබාදෙන ඕනෑම මොහොතක අප ඒ වෙනුවෙන් සූදානම්.

අපේ සටන නව පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් මේ රටේ සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා. රාජපක්‍ෂලා බූවල්ලෙක් වගේ අඬු විහිදුවා තිබෙන හැම තැනකින්ම ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි. ඒ බූවල්ලාගේ ශක්තිමත්ම අඬු තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළයි. ඒ අන්ඩ කපා දැමුවහොත් අනෙක් සියල්ල ගිලිහී වැටෙනවා.

හිටිවනම පැන නැගුණු රනිල්ගේ  හමුදා ආදරය

ඒ හමුවේ රනිල් වික්‍රමසිංහ අවසන් වශයෙන් සැරසෙන්නේ මහ පොළොවේ ඔහුට ජන වරමක් නැති නිසා විශ්වාසය තබන්නේ හමුදාව කෙරෙහි. මර්දනය  කෙරෙහි. රනිල් වික්‍රමසිංහට ඉතා වේගයෙන් හමුදාව පිළිබඳ ආදරයක් කැක්කුමක් ඇතිවී තිබෙනවා. පාරේ එන ගමන්  බැහැලා හමුදා සොල්දාදුවන්ට ආමන්ත්‍රණය කරනවා. ඔවුන්ගේ සුවදුක් බලන්න රෝහල්වලයට යනවා. මේ රටේ හමුදාවට විශාලම අපරාධය  කළේ රනිල් වික්‍රමසිංහ. අද ඔහු කල්පනා කරන්නේ මර්දනය දියත් කර රැකවරණය ලබාගන්න. ජනතාවගෙන් විතැන්  වූ නායකයන් බොරු ලෙංගතුකමක් දක්වමින් යන්නේ ඒ නිසයි.

ඔහු බලයට පත්වූ වහාම හදිසි නීතිය ප්‍රකාශයට පත්කර  විවිධ මර්දන  අන පනත් සකස් කරමින් ඉන්නවා. අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් පිටුපස හඹා යන්න පටන්ගෙන තිබෙනවා.  අන්තරේ කැඳවුම්කරුගේ පරණ වැරදි හොයමින් ෆයිල් අවුස්සමින් තිබෙනවා.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්  ආරක්‍ෂා කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් සටන් කිරීමේ අයිතියත් සංවිධානය වීමේ අයිතියත් කවර හෝ ආකාරයකින් මර්දනය කරන්න උත්සාහ කරනවා නම් රනිල් වික්‍රමසිංහත් එක්ක හැප්පෙන්න අපි ලැහැසිතියි.

ඒ නිසා ආකාර කිහිපයක දේශපාලනයක් අපට තිබෙනවා. දූෂිත  දේශපාලන පොර පිටිය සුද්ද කිරීම, රාජජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීම, වංචා දූෂණ සිදුකළ  අයට දඬුවම් දීම, අපේ රටේ ආර්ථීකය නව මාවතකට යොමු කිරීම සහ මර්දනකාරීත්වයට එරෙහිව සටන් කිරීම අවශ්‍යයි. ඒ සඳහා ප්‍රබලතම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි.   මේ රටත් ජනතාවත් සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මේ මාසයේ 24වැනිදා සිට ජනතාව ආමන්ත්‍රණය කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ලැහැස්ති කර තිබෙනවා. මහරගම තරුණ සේවා සභාවේදී එහි ආරම්භය සටහන් කරනවා.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ජනපති පුටුවට පාර කැපූ තරුණ සමාජ බලවේග ජනපති රනිල්ට අමතක නොවනු ඇති ! හිටපු ජනපති චන්ද්‍රිකා කියයි

Next Post

චීනය අප්‍රිකානු කලාපයේ පාන අමුතුම ආලය

Related Posts

වෙන්ව ගමනක් නෑ… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන්නෙ එක කාසියක දෙපැත්ත… ජනපති කියයි!  

අගෝස්තු 15, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….

අගෝස්තු 15, 2022
power-cut

විදුලිය  පැයතුන කැපෙන්නෙ මෙහෙමයි…

අගෝස්තු 15, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • වෙන්ව ගමනක් නෑ… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන්නෙ එක කාසියක දෙපැත්ත… ජනපති කියයි!  
  • ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….
  • විදුලිය  පැයතුන කැපෙන්නෙ මෙහෙමයි…
  • මෝදී අවුරුදු විසි පහක කැපකිරීමක් තරුණයින්ගෙන් ඉල්ලයි
  • පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

ජනප්‍රිය පුවත්

  • පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

    172 shares
    Share 69 Tweet 43
  • ගල්කටස් එක්ක සමග අත්අඩංගුවට ගත් හරක්කටාගේ “ප්‍රධාන ඝාතකයා“ ගැන කතාවක්!

    213 shares
    Share 85 Tweet 53
  • ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි.

    172 shares
    Share 69 Tweet 43
  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    291 shares
    Share 116 Tweet 73
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    258 shares
    Share 103 Tweet 65

Highlights

මෝදී අවුරුදු විසි පහක කැපකිරීමක් තරුණයින්ගෙන් ඉල්ලයි

පොහොට්ටුව ජොන්ස්ටන්ට, රෝහිතට, සහ මහින්දානන්දට ප්‍රධාන කැබිනට් ඇමති ධූර ඉල්ලයි!

සමුද්‍ර ගවේෂණ ඩෝනියර් ගුවන් යානය ඉන්දියාව අද   ශ්‍රි ලංකාවට භාර දෙයි!

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීයයි. විදුලි කප්පාදුව පැය 03යි….

ගල්කටස් එක්ක සමග අත්අඩංගුවට ගත් හරක්කටාගේ “ප්‍රධාන ඝාතකයා“ ගැන කතාවක්!

රාජ්‍ය වියදම් පාලනයට අදාළ භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි.

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

වෙන්ව ගමනක් නෑ… ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන්නෙ එක කාසියක දෙපැත්ත… ජනපති කියයි!  

by editor
අගෝස්තු 15, 2022
0

ඉන්දියාව  සහ ශ්‍රී ලංකාව   දෙරටටම වෙන්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්ජුන රණතුංගගෙන් බිලියන 02ක වන්දියක් ඉල්ලයි….

by editor
අගෝස්තු 15, 2022
0

අසත්‍ය හා අවමන් සහගත ප්‍රකාශ කරමින්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist