බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂයි! රාජපක්ෂ පවුලේ අනුප්‍රාප්තිකයා ඔහුයි…..

by editor
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පවුලේ අනුප්‍රාප්තිකයා බවත් ඔහුව ජනාධිපති පුටුවේ ඉන්දවනු ලැබුවේ බැසිල් රාජපක්ෂගේ  ඉත්තන් එහා මෙහා සෙලවීමෙන් බවත්  ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසීය.

මේ රටේ සාමාන්‍ය ගැමියෙක් සතු වූ අවම මානුෂික සදාචාරයක් හෝ අවංකභායවත්  රහිතව පෑලියගොඩ මාළු මාර්කට් එකේ කුණු මාළු විකිණෙන්නා සේ විකිණෙන මිනිස් කඳන් කඳන් මිල දී ගනිමින් පාර්ලිමේන්තුව සිදුකළ මේ දුර්දාන්ත සූදුව මොනතරම් ජුගුප්සාජනක එකක් දැයි අවධිමත් සමාජය දුටු බවත් ඔහු කීය.

මහින්දානන්ද අලුත්ගමගේ කී පරිදි හිරේ දමන තුරු නින්ද නොයන බව කී මහබැංකු හොරා, හොරාව හිරේ දමන්නට මහ ජනතාව විසින් ලබාදුන් ඡන්දයෙන් බලයට පැමිණි උදවියගෙ ඡන්දයෙන් ජනාධිපතිවරයා වීම  අප ඉදිරිපිට තිබෙන දේශපාලන කඳවුර මොන තරම් ජුගුප්සාජනක, මොන තරම් පිළිකුල්, මොනතරම් අපරාධකාරී කඳවුරක්ද යන්න  අපට තේරුම් කරන බව ඔහු පැවසුවේය.

අනුරකුමාර දිසානාය මෙසේ ද පැවසුවේය.

මහින්දලා කී  රනිල් වික්කමසිංහ

මේ ජනාධිපතිවරණය දෙස බැලුවම  පොත් සිය ගණනක් කියවලා තේරුම් ගන්න බැරි වුණු දේශපාලන යථාර්ථයන් ඉතා කුඩා නිමේෂයකින් තේරුම් ගන්න පුළුවන්.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂට විශාල ජනවරමක්  ලබාගන්නත්,  මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂට 2/3කට ආසන්න බලයක් ලබාගන්නත්  ප්‍රධානම හේතුව වුණේ රනිල් වික්‍රමසිංහගේ පාලනය.  ඔවුන්ගේ මැතිවරණවල ප්‍රධානම සටන් පාඨය වුණේ “මහ දවල් මහබැංකු මහා කොල්ලයේ මහා මොළකරු රනිල් වික්‍රමසිංහ” කියලයි. ඔහුට දඬුවම් දෙන්න ජන වරමක් ඉල්ලුවා.

ඒ වගේම සමාජය  තුළ  විශාල කම්පනයක් ඇතිකළ පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රීපාල සිරිසේනට වගේම රනිල් වික්‍රමසිංහට පැවරෙන බවත් සිය ගණනක් වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් අධිකරණය ඉදිරියට ගෙනියන බවත් ප්‍රකාශ කිරීමෙන් එම මැතිවරණවලදී විශාල ජයග්‍රහණ ලබාගත්තා.

හම්බන්තොට වරාය  රනිල් වික්‍රමසිංහ විකිණූ අවස්ථාවේ ඒ ගේට්ටුව ආසන්නයට ගිහින් කෑගහපු අය කීවේ “රනිල් වික්කමසිංහ” කියලයි. ඒ කියන්නේ විකුණන්නම උපන් කෙනෙක් කියලයි. අපේ රටේ ආර්ථීකය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා 2015-2019 කාලයේ ඩොලර් බිලියන 12ක් අරගෙන විශාල ණය කන්දක හිර කළා කියලා චෝදනා කළා. මේ ආර්ථිකය විනාශකාරීත්වයට එරෙහිව ගෙනගිය  හඬ නිසා විශාල බලයක් එම මැතිවරණ දෙකේදී ලබාගත්තා.

පාර්ලිමේන්තුවේ කැත මඩ ගොහොරුව

රනිල් වික්‍රමසිංහත් ඔහුගේ පාලනයත්, ඔහුගේ දෘෂ්ටිවාදයත් පරාජයට පත්කිරීමට අපේ රටේ ජනතාව විශාල ජනවරමක් ලබාදුන්නා. නමුත් ඒ මන්ත්‍රීවරුන්ගෙන් නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටිනවා.

මෙවැනි කැත මඩ ගොහොරුවක් බවට පත්වී තිබෙන අප්‍රසන්න දේශපාලනය අපේ රටට අවශ්‍යද?.  රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔබේ ඡන්දයෙන් තෝරා පත්කර යවන නියෝජිතයා පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට ඡන්දය ලබාදෙනවා. මේ කැත මඩ ගොහොරුවක් වී තිබෙන දේශපාලනය පිරිසිදු කිරීමේ වගකීම අපි බාර ගන්නවා.

ඩලස් අලහප්පෙරුම ඒ වගේ. විශාල ගං වතුරට ගහගෙන යන නයි, මුගටි ගංවතුරෙන් බේරෙන්න එකම ලී කඳකට එකතු වෙනවා වගේයි. මෙවැනි දේශපාලනයක් අපේ රටට අවශ්‍යද?

පෑලියගොඩ කුණු මාලු ගානට විකණෙන මිනිස් කඳන්…

හැම  තීරණාත්මක අවස්ථාවකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරුදහන් වෙනවා, රෝගී වෙනවා. දුරකතනවලට කතා කරන්නේ නැතිව යනවා. හෝටල්වල  පදිංචි කරවනවා. අන්තිමේ මිලදී ගැනීම්වලට ලක් වෙනවා.

අපේ රටේ සාමාන්‍ය ගැමියන්ටත් තමන් පිළිබඳව අවංකභාවයක් තිබෙනවා. නමුත්  මේ පාර්ලිමේන්තුව පෑලියගොඩ මාලු මාර්කට් එකේ එහෙට මෙහෙට කුණු මාලු විකිණෙනවා වගේ මිනිස් කඳන් විකිණෙනවා.

මේ රටේ ජනතාව විශාල  නැගිටීමක් හරහා පෙන්වා දුන්නේ පවතින අප්‍රසන්න දේශපාලන ක්‍රියාදාමය පිළිබඳව විශාල විරෝධයක්. ඒ නිසා මේ දේශපාලන පොර පිටිය පිරිසිදු පොර පිටියක් බවට පත්කිරීමේ වගකීමක් අපට තිබෙනවා. වරප්‍රසාදවලට, සල්ලිවලට එහෙට මෙහෙට පනින මිනිස් කඳන් ලෙස ගොඩනැගුනු මේ පාර්ලිමේන්තු වෙනුවට මිනිස්සුන්ගේ අදහස් සංවාදයට භාජනය කර නිවැරදි තීන්දු-තීරණ ගන්න මධ්‍යස්ථානයක් බවට මේ පාර්ලිමේන්තුව පත්කළ යුතුයි. අන්න ඒ දේශපාලන සටනට අපි නායකත්වය ලබා දෙනවා.

පාර්ලිමේන්තුවේ තීරණාත්මක හැම අවස්ථාවකදීම අප ගන්නා ලද ප්‍රතිපත්තිමය දේශපාලන තීන්දු ආරක්‍ෂා කරමින් ජනතාව වෙනුවෙන් වගකියන දේශපාලනයක අප නියැලී සිටිනවා. ජාතික ජන බලවේගය වගකීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න කටයුතු කරන අතර ඒ වටා එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුව හසුරුවන රාජපක්ෂ භූතාත්ම

මෙරට ඉතිහාසයේ විශාලතම ජනතා නැගිටීම තිබුණේ රාජපක්‍ෂ කඳවුරට එරෙහිව. සාරවත් කඳන් හාරලා විනාශ කරන කඳ  පණුවන් වගේ රාජපක්‍ෂලා අපේ රටේ ආර්ථීකය, දේශපාලනය, අයිතීන් විනාශ කර දැම්මා. ඒ නිසා අපේ රටේ ජනතාවගේ නැගිටීමේ ප්‍රධාන සටන් පාඨය වුණේ ගෝඨාභය රාජපෂට පළා යන්න සිදුවුණා. මහින්ද රාජපක්‍ෂටහමුදා කඳවුරකට ගාල් වෙන්න සිදුවුණා. බැසිල් රාජපක්‍ෂට එයා පෝට් එකෙන් යන්න බැරිවුණා. නාමල් රාජපක්‍ෂ ඇතුලු පවුලේ අයට එලියට බහින්න බැරිවුණා. රාජපක්‍ෂ පවුල එතරම් අති මහත් විනාශයක් අපේ රටට සිදුකර තිබෙනවා. ඊට එරෙහිව තිබුණු ජනතා නැගිටීම හමුවේ පාර්ලිමේන්තුවේදී සිදුවුණේ රාජපක්‍ෂ කඳවුර යළි නැගිටීමයි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධුරයෙනුත්, අගමැති ධුරයෙනුත් ඉවත් කළත් හැම වෙලාවේම පාර්ලිමේන්තුව තිබුණේ රාජපක්‍ෂලා අතේ. ඒ නිසා ඕනෑ වෙලාවක තමන්ට සිතැඟි ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්කරගන්න පුළුවන්.

මේ නිසා අපි දිගින් දිගටම අවධාරණය කළේ රාජපක්‍ෂ කඳවුර පරාජය කරන්න  නම් ගෝඨාභය, මහින්ද එළවීමෙන් පමණක් ප්‍රමාණවත් නැහැ කියලා. ඔවුන් පරාජය කිරීමට අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව අපි අවධාරණය කළා. රටෙනුත් පළවා හැරි රාජපක්‍ෂ කඳවුරේ භූතාත්මයන් පාර්ලිමේන්තුව තුළ තිබෙනවා.

බැසිල්ගේ ඉත්තන් සූදුවෙන් බලයට පැමිණි රාජපක්ෂ  අනුප්‍රාප්තිකයා රනිල්

මහින්ද රාජපක්‍ෂගේ භූතාත්මයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත්වෙනවා. රනිල් වික්‍රමසිංහ යනු රාජපක්‍ෂ අනුප්‍රාප්තිකයා. ගැලවුම්කරුවා. ආරක්‍ෂකයා. මේ සමස්ත ඉත්තො සෙල්ලමම ඇති කළේ බැසිල් රාජපක්‍ෂ. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළාට පසුව  උද්දාමයෙන් කෑගැහුවේ බැසිල් රාජපක්‍ෂගේ සමීපතම කවය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්‍ෂගේ නිර්මාණයක්. එළියේ රාජපක්‍ෂ පවුල පරාජයට පත් කළත්  පාර්ලිමේන්තුවේ ඒ භූතාත්මයන් බලවත් වී තිබෙනවා.

රාජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කරන්න නම් ජනතාව විසින් පරාජයට පත් කළ ඒ කඳවුර පාර්ලිමේන්තුව තුළත් පරාජයට පත් කළ යුතුයි. රාජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීමේ වගකීම අපි බාර ගන්නවා. පාර්ලිමේන්තුව තුළ ඔවුන් පරාජයට පත් කරන්න නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන වරමක් සඳහා අවස්ථාව ලබාදිය යුතුයි. ඒ අවස්ථාව ලබාදෙන ඕනෑම මොහොතක අප ඒ වෙනුවෙන් සූදානම්.

අපේ සටන නව පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීම සඳහායි. ඒ වෙනුවෙන් මේ රටේ සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා. රාජපක්‍ෂලා බූවල්ලෙක් වගේ අඬු විහිදුවා තිබෙන හැම තැනකින්ම ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි. ඒ බූවල්ලාගේ ශක්තිමත්ම අඬු තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළයි. ඒ අන්ඩ කපා දැමුවහොත් අනෙක් සියල්ල ගිලිහී වැටෙනවා.

හිටිවනම පැන නැගුණු රනිල්ගේ  හමුදා ආදරය

ඒ හමුවේ රනිල් වික්‍රමසිංහ අවසන් වශයෙන් සැරසෙන්නේ මහ පොළොවේ ඔහුට ජන වරමක් නැති නිසා විශ්වාසය තබන්නේ හමුදාව කෙරෙහි. මර්දනය  කෙරෙහි. රනිල් වික්‍රමසිංහට ඉතා වේගයෙන් හමුදාව පිළිබඳ ආදරයක් කැක්කුමක් ඇතිවී තිබෙනවා. පාරේ එන ගමන්  බැහැලා හමුදා සොල්දාදුවන්ට ආමන්ත්‍රණය කරනවා. ඔවුන්ගේ සුවදුක් බලන්න රෝහල්වලයට යනවා. මේ රටේ හමුදාවට විශාලම අපරාධය  කළේ රනිල් වික්‍රමසිංහ. අද ඔහු කල්පනා කරන්නේ මර්දනය දියත් කර රැකවරණය ලබාගන්න. ජනතාවගෙන් විතැන්  වූ නායකයන් බොරු ලෙංගතුකමක් දක්වමින් යන්නේ ඒ නිසයි.

ඔහු බලයට පත්වූ වහාම හදිසි නීතිය ප්‍රකාශයට පත්කර  විවිධ මර්දන  අන පනත් සකස් කරමින් ඉන්නවා. අරගලයට නායකත්වය දුන් තරුණ තරුණියන් පිටුපස හඹා යන්න පටන්ගෙන තිබෙනවා.  අන්තරේ කැඳවුම්කරුගේ පරණ වැරදි හොයමින් ෆයිල් අවුස්සමින් තිබෙනවා.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්  ආරක්‍ෂා කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් සටන් කිරීමේ අයිතියත් සංවිධානය වීමේ අයිතියත් කවර හෝ ආකාරයකින් මර්දනය කරන්න උත්සාහ කරනවා නම් රනිල් වික්‍රමසිංහත් එක්ක හැප්පෙන්න අපි ලැහැසිතියි.

ඒ නිසා ආකාර කිහිපයක දේශපාලනයක් අපට තිබෙනවා. දූෂිත  දේශපාලන පොර පිටිය සුද්ද කිරීම, රාජජපක්‍ෂ කඳවුර තීරණාත්මක ලෙස පරාජයට පත් කිරීම, වංචා දූෂණ සිදුකළ  අයට දඬුවම් දීම, අපේ රටේ ආර්ථීකය නව මාවතකට යොමු කිරීම සහ මර්දනකාරීත්වයට එරෙහිව සටන් කිරීම අවශ්‍යයි. ඒ සඳහා ප්‍රබලතම ව්‍යාපාරය ජාතික ජන බලවේගයයි.   මේ රටත් ජනතාවත් සම්බන්ධයෙන් වගකීම බාර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මේ මාසයේ 24වැනිදා සිට ජනතාව ආමන්ත්‍රණය කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ලැහැස්ති කර තිබෙනවා. මහරගම තරුණ සේවා සභාවේදී එහි ආරම්භය සටහන් කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති පුටුවට පාර කැපූ තරුණ සමාජ බලවේග ජනපති රනිල්ට අමතක නොවනු ඇති ! හිටපු ජනපති චන්ද්‍රිකා කියයි

Next Post

චීනය අප්‍රිකානු කලාපයේ පාන අමුතුම ආලය

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.