සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් මගේ ගුරුතුමා තමයි… ඔහු කියන ආර්ථික ප්‍රතිසංස්කරණත් කළ යුතුයි… කරන හැටි වැරදියි… රනිල් ගුරුතුමාට වැරදුන තැන හර්ෂ ගෝලයා පාර්ලිමේන්තුවට කියයි…

හර්ෂ පාර්ලිමේන්තුවේ දී මැද පන්තියට හරියටම කතා කරයි!

by editor
අගෝස්තු 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ව දේශපාලනයට රැගෙන ආවේ රනිල් වික්‍රමසිංහ බවත්, තමන් දේශපාලනය ඉගෙනත්තෙත් රනිල් වික්‍රමසිංහගෙන් බවත්, රනිල් වික්‍රමසිංහ සහ තමන් අතර කිසිම පුද්ගලික ගැටලුවක් නැති බවත් පවසන සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා ඔහු සමග ඇත්තේ දේශපාලනික වශයෙන් වූ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් බව අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නියතවම කළ යුතු එකක් බවත් එවැනි ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වීම අනිවාර්ය සාධයක් බවත් පෙන්වා දෙන හර්ෂ ද සිල්වා අවධාරණයෙන් පෙන්වා දෙන්නේ එවැනි ප්‍රතිසංස්කරණ සිදුකළ යුත්තේ ජනතාව අවුල් නොවන ආකාරයට බවය.

ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේය. 

රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණය සම්බන්ධවකිසිම ගැටලුවක් නෑ…  ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයයි.  

හැබැයි ඔහුට අමතක වෙච්චි දේ ඔහුට කරගන්න බැරි දේ ඔහුට තේරෙන්නේ නැති දේ තමයි රිෆෝම් විත් රිලීෆ්. ඒ කියන්නේ යම් කිසි විදිහකට ඒ ප්‍රතිසංස‍්කරණ කරනකොට අමාරුවට වැටෙන ජනතාව කොහොමද බේරගන්නෙ කියන එක.

සමහරු කියනවා ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බෑ අයි.එම්.එෆ්  ගිවිසුමේ කියලා. මොනවද මේ කතා කරන්නේ . මේ පිස්සො නේ. මුලින්ම අයි.එම්.එෆ්. යන්න කිව්වම බෑ කියපු ඒ ගොල්ල දැන්  කොහොමද එග්‍රිමන්ට් එකේ  ඉස්පිල්ලක් පා පිල්ලක් වෙනස් කරන්න බෑ කියන්නේ. මේක මාර කතාවක්නේ. අපට කියනව ද ඔය ගොල්ලේ ඔය අස්සන් කල එග්‍රිමන්ට් එකේ එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බෑ කියලා. ජගතෙක් උගතෙක් ශූරයෙක් ඉන්නවා නම් කියන්ඩ.

අපි වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ ඔයගොල්ල මේක බෑ කියද්දි එපා කියද්දි ඕන නෑ කියද්දි අපි ගාන හදලා පෙන්වලා දීලා තියනවා මේක කරන හැටි.

සජිත් ප්‍රේමදාස පීටර් බෲවර්ගේ මූණට කතා කරලා කිව්වා මේක ප්‍රතිසංස්කරණයත් සමග සහන තිබෙන්න ඕන කියලා. අපි මේ ගිවිසුම වෙනස් කරනවා කියලා. එරාන් රට ගිහින් හිටියා. කබීර් සහ මම දීර්ඝව ඒ ගැන පැහැදිලි කළා.

මේ අයි.එම්.එෆ් ගිවිසුමේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි ඔවුන් කියන්නේ ණය ණයමයි. වර්ධනය වර්ධනයමයි කියලා. අපි එතන නෑ. එතකොට මේකේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න සිද්ධ වෙනවා.

ඇයි අපි  එහෙම කියන්නේ. ණය කිව්වම දේශීය ණය. විදේශීය ණය. අපට ප්‍රශ්නය තියෙන්නේ විදේශීය ණයත් එක්ක.

වර්ධනය වර්ධනයම නෙමෙයි. සමහරවිට අපනයන අභිමුඛ වර්ධනයකින් ඩොලර් උපයනවා. හැබැයි දේශීය නිශ්පාදන ක්‍රියාවලියකින් රුපියල් උපයනවා. අපට අවශ්‍ය වෙන්නේ ඩොලර් ණය ගෙවන්න ඩොලර්. එහෙනම් අපට අපනයන අභිමුඛ ආර්ථිකයක් හරහා ඩොලර් හොයන ආර්ථිකයක් අවශ්‍ය වෙනවා. ඒ ලින්ක් එක අපට හදන්න වෙනවා. ඒ නිසා අපි අපනයන අභිමුඛ ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න අපනයනට එන මේ රටේ ව්‍යවසායකයින්ට අවස්ථාව දෙනවා. එසේ අවස්ථාව  දෙමින් ඒ බදු අපි වෙනස් කරනවා.

අපේ බදු වෙනස් කරන්න බෑ කියලා කියනවා. අපි කියනවා බදු වෙනස් කරන්න පුුලුවන්. ඒ වගේම  අප පිළිගන්නවා දල දේශීය නිශ්පාදනයට සාපේක්ෂව සියයට 15.8ක් බදු එකතු කරගන්න ඕන කියන අයි.එම්.එෆ් ඉලක්කය 2029 වනවිට. ඒ නිසා අපිත් එක්ක තර්ක කරන්න එපා. අපි එතනින් එළියට යන්නේ නෑ. අපි ඒ වගකීම බාරගන්නවා. අපි ඒ වගකීම බාරගන්නේ බදු සාධාරණත්වයක් ඇති කරලා.

මම එක කරාණාවක් කියන්නම්. ඒක ඇහුවාම ඔබතුමාට පුදුම හිතෙයි. අපි පුද්ගලයින්ගෙන් බදු අය කරගන්නවා. ඒ අය කරගන්න ක්‍රම දෙකක් තියනවා. එකක් තමයි උපයනවිට ගෙවීම. මේ බද්ද ගැන විශාල සාකච්ඡාවක් රටේ තියනවා. 2023 ජනවාරි මාසයේ බලාපොරොත්තු වුනේ උපයනවිට ගෙවීම බද්දෙන් බිලියන 68ක් එකතුකරන්න.  ඊට පස්සේ ඒක වෙනස් කළා බිලියන 100ට.

ඒත් මේ අය උපයනවිට ගෙවීමේ බද්දෙන් බිලියන 146 සොයා ගන්න යනවා. ඒ නිසා සියයට 36ක බද්දකට යටත් විය යුතු නෑ කියලා උපයනවිට ගෙවීමේ බද්ද. ඒක මුදල් ඇමතිවරයාට අපි ලිඛිතව ඇරියා. හැබැයි අද වෙනකම් පිළිතුරක් ලැබුනෙ නෑ. අවසානයේ දී බිලියන 145ක් හොයා ගත්තා.

දැන් 2024 දි ඒක වෙනස් කළා බිලියන 160ක් හොයා ගන්න යනවා උපයනවිට ගෙවීමේ බද්දෙන්. අද මම කියනවා කතානායක තුමනි. මේක ලියලා තියාගන්න. මේ විදිහට ගියොත් මේ අය රුපියල් බිලියන 200ක් ගේනවා.

ස්වේච්ඡාවෙන් ගෙවන්න තියන බදු ඇස්තමේන්තු කරලා තිබුණෙ බිලියන 105යි. 2023 ඉවර වෙනකොට හම්බවෙලා තියෙන්නේ බිලියන 48යි. ඒක වෙනස් කළා 80ට. මේ අවුරුද්ද ඉවර වෙනකොට ලැබෙන්නෙ බිලියන 39යි. නැතිනම් 40යි.

අපි ඔක්කොම පුරවැසියො. බ  බැරි මිනිහගෙන් ගහනවා. බදු  ගෙවන්න තියන මිනිහා ගෙවන්නේ නෑ. පුරවැසියො හැටියට කාටත් තියනවා වගකීමක්. රටක් විදිහට අප දෙන පහසුකම්වලට අදාල පුරවැසිය වගකීමක් තියනවා බදු ගෙවන එකට. ඒක ගන්නවා වෙනුවට අසරණ පුරවැසියගෙන් උපයනවිට ගෙවීම බද්ද ගහනවා.

අපි මැද පන්තියේ පුද්ගලයින් සියයට 24ක උපරිම බදු සීමාවක තියාගන්නවා. මිලියන ගණන් පඩි ගන්න කට්ටියට සියයට 36ක බද්ද වගේම තාවකාලික ගෙවිමකුත් කරන්න වෙනවා. නැතිනම් අපට මේක කරන්න බෑ

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිත් අමනාපකම් අඩුපාඩු අමතක කරලා නැවත එන්න… පොහොට්ටුව හැර ගිය පොහොට්ටුවන්ගෙන් නාමල් ඉල්ලයි!

Next Post

එල්.ටී.ටී.ඊ. සංවිධානය මඩකලපුවේ ගොවීන් 33ක් කපා කොටා මරා දමා අවුරුදු 34ක් සැපිරෙයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.