සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට ආයේ මොන ගැටයක්වත් ගහන්න බෑ… 21 වැනිදා එයාගෙ ටයි එකේ ගැටයවත් බේරුනොත් ඇති… අනුර කියයි!

by editor
අගෝස්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දැවැන්ත ජන බලයක් ලෙස ජාතික ජන බලවේගය වටා ගොඩ එක් වෙමින් සිටින විට අවසන් මොහොතේ හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගැටයක් ගසනු ඇතැයි යන කුකුසක් යම් අයෙක් තුළ තිබේ නම් ඒ සැක සංකා අත් හැර ගන්නා ලෙසත් ලබන 21 වැනිදාගෙන් පසු රනිල් වික්‍රමසිංහගේ ටයි එකේ ගැටය හෝ ඉතිරි වුනොත් පුදුමයක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඡන්ද දූෂණ හෝ අක්‍රමිකතා සිදුවිය හැකිනම් ඒ තත්ත්වයන් වළක්වා ගැනීමට පොදු සමාජයම පෙළ ගැසී සිටින ආකාරය විස්තර කරමින් ඔහු මේ බව කීවේ ඊයේ (27) නිට්ටඹුවේ පැවති ප්‍රචාරක රැළිය අමතමිනි.

අත්තනගල්ල ආසනයේ ජනතාව අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

අපි දන්නවා අත්තනගල්ල ආසනය එක්තරා ආකාරයකින් ඓතිහාසික ආයතනයක්. ජනාධිපතිවරු පත් කරන්න අග්‍රාමාත්‍යවරු පත් කරන්න වෙහෙස වෙච්චි ආසනයක් අත්තනගල්ල. එසේ වෙහෙස වුන දිස්ත්‍රික්කයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කය.

ඉස්සර අත්තනගල්ල කිව්වට පසසේ නිල් පාටට බරයි. දැන් පේනේන නම් අත්තනගල්ල කිව්වාම ජාතික ජන බලවේගයම තමයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ලංකා ඉතිහාසයේ ඡන්ද පැවතිලා තියනවා. මං හිතන්නේ නෑ ජනතාව මේ තරම් අපේක්ෂාවෙන් මේ තරම් බලාපොරොත්තුවකින් ඡන්දයක් එනකම් දින ගැන ගැන හිටියා කියලා.

ඒ විතරක් නෙමයි ලංකා ඉතිහාසයේ ඡන්දවල ඡන්දය කළේ පක්ෂ. ඡන්දය කළේ පක්ෂ ක්‍රියාකාරිකයින්. ඡන්දය කරන්නේ පක්ෂෙ සාමාජිකයින්. මේ පාර විශාල වෙනසක් තියනවා. අපි නොදන්න, අපි මුණ ගැසිලා නැති අපිත් එක්ක කතා කරලා නැති විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

ත්‍රි විල් එකකට නැග්ගොත් ත්‍රීවිල් එකේ රියදුරු මහත්මයා කොහාට ද යන්නේ කියලා හෙමින් හෙමින් කරන්නේ ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න කියලා ඒ සඳහා වැඩ කරනවා. කාර්යාල ඇතුළෙ මම දැකලා තියනවා අපි නොදන්න අය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරනවා. මග තොටේ යන අය බස්වල යන අය ජාතික ජන බලවේගය වෙනුවෙන් වැඩ කරනවා. සමාජ මධ්‍යාවල ස්වේච්ඡාවෙන් වැඩ කරන ලක්ෂ සංඛ්‍යාත තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒ කියන්නේ ජාතික ජන බලවේගයේ ජග්‍රහණයේ කාර්යය භාර අරන් තියෙන්නේ ජාතික ජන බලවේගයේ නියමුවන් වන අපට වඩා මේ රටේ පොදු ජනතාව. ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.

හැබැයි සමාජයේ තවමත් කතා බහක් ඉතිරිවෙලා තියනවා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවෙ ගැටයක් ගහයි ද කියලා. මතක තියාගන්න. සැප්තැම්බර් මාසේ 21 වැනිදා වෙනකොට රනිල් වික්‍රමසිංහගේ ටයි එකේ ගැටේ ඉතිරි වුනොත් ඇති.

ඒ මොකවත් කරන්න බෑ, ඡන්ද දුෂණ කරන්න, ඡන්ද ජිල්මාට් කරන්න දේශපාලකයට බෑ. ඒකට යාන්ත්‍රණයක් ඕන. එකක් ඒ සඳහා රාජ්‍ය අංශයේ සහය ඕන. ඒත් මතක තියාගන්න. ලංකා ඉතිහාසයේ වැඩිම .තැපැල් ඡන්ද ප්‍රමාණයක් එක් පක්ෂයකට ලැබෙන්නේ මේ සැරේ. ඒ නිසා අපට වඩා වැඩියෙන් රාජ්‍ය අංශයේ කණ්ඩායම මේ ඡන්ද ආරක්ෂා කරගන්න කටයුතු කරන බව අපට විශ්වාසයි. ඒ විතරක් නෙමෙයි. ඡන්ද ව්‍යාපාරයේ මොනවා හරි කරන්න පොලිසියේ සහය අවශ්‍යයි. ඒත් අප දන්නවා පොලිසියේ මහත්තුරු ඔවුන්ගේ රාජකාරියේ ස්වරූපය, වෘත්තීයේ ස්වරූපය අනුව දේශපාලනයට කෙළින්ම සම්බන්ධ වෙන්න බෑ.  මෙතන උනත් මේ රැස්වීමට ආරක්ෂාව දෙන්න අපට ආරක්ෂාව දෙන්න නීතිමය බැඳීමක් තිබෙනවා ඔවුන්ට. හැබැයි ඔවුන් වැඩ කරන හැටියෙන් පෙන්වන්නේ නීතිමය බැඳිමක් හැටියට විතරක් නෙමෙයි, ඇඟෙන් මේ වැඩේ කරන්නේ.

ඒ කියන්නේ මොකක්ද. මේ පරිවර්තනය සඳහා පොලිසියේ මහත්තරුන්ගෙ ද උවමනාවක් අවශ්‍යතාවයක් තියන බව අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි. ඡන්ද විකෘති භාවයක් ඇති කරන්න නම් හමුදාවේ සහය අවශ්‍යයයි. හැබැයි මතක තබා ගන්න. ලංකාවේ ප්‍රබලතම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය තිබෙන්නේ ජාතික ජන බලවේගයට. දැනට සාමාජිකත්වය හතලිස් දහස ඉක්මවනවා. ඔවුන් හමුදාව ගැන දන්න අය. දැන් ඉන්න ජ්‍යෙෂ්ඨයින්ගේ රාජකාරි භාරව හිටපු අය. ඒ නිසා මම හිතන්නේ නෑ… කිසිම හමුදාවක නිලධාරියෙක් හෝ සොල්දාදුවෙක් රනිල් වික්‍රමසිංහගේ ගැටයකට අහු වෙන්නේ නෑ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ආරක්ෂා කරන්න ඔවුන් මැදිහත් වෙනවා.

විවිධ කටකතා හදයි. විවිධ කුමන්ත්‍රණ කරන්න සැලසුම් කරයි. හැබැයි මතක තබා ගන්න. ඒ කිසිම කුමන්ත්‍රණයක් කිසිදු සැලසුමක් සාර්ථක වෙන්නේ නෑ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න. සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් මොන ජගතෙකුටවත් පුලුවන් වෙන්නෙ නෑ මේ සැරේ… ඒක මතක තබා ගන්න.

නමුත් අපට ඕන ශක්තිමත් ජයග්‍රහණයක්. ආණ්ඩුවක ශක්තිමත් භාවය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවෙ ඔළුගෙඩි ගණනින් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි තුනෙන් දෙකක් ගෝඨාභයට තිබුණා. හැබැයි ගෝඨාභයත් වාෂ්ප වුනා. තුනෙන් දෙකත් වාෂ්ප වුනා.

ඒ නිසා ආණ්ඩුවක බලය තීරණය කරන්නේ ඒ ආණ්ඩුව මොනතරම් ජනතාවගේ විශ්වාසය දිනන් තියනව ද ජනතාව මොනතරම් කැමති ද කියන සාධකය මතයි. ඒ නිසා අපට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ මේ රටේ සිංහල ජනතාවගේ බහුතරය ද, දෙමළ ජනතාවගේ බහුතරය ද, මුස්ලිම් ජනතාවගේ බහුතරය ද, බර්ගර් මැලේ ආදී සියලු ජන කණ්ඩායම්වල බහුතර ද සහිතව දිනා ගත් ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවක් ජාතික ජන බලවේගයට ඕන මේ සැරේ.

අපිට නිකම් ලාමක ටිං ටිං වගේ නම් ආණ්ඩුවක් එපා. අප භාරගන්නේ මේ තියන දේවල් ඔහේ කරගෙන යන්න නෙමෙයි. මේ තියන දේවල් ඔහේ කරගෙන යන්න දුර්වල ආණඩුවලටත් පුලුවන්. දුර්වල නායකයින්ටත් පුලුවන්.

අපි එනනේ හැත්තෑ හය වසරක් ගමන් කරමින් තියන මේ මාවත තිරසාර ලෙස වෙනස් කරන්න අපි එන්නේ. ඒ වෙනස් කරන්න නම් ශක්තිමත්ව මහ ජනතාවගේ කැමැත්තක් ඕන. අපට ගන්න තියන තීරණ තියනවා තද බල තීන්දු ටිකක්. මේ රට වෙනස් කරන්න ධෛර්වත් තිරණාත්මක තින්දු ගන්න ඕන. අපි ඒක ගන්නවා.


Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

Next Post

ජනපතිට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසි කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.