කඩවත රන්මුතුගල ප්‍රදේශයේ නිවසක් සන්තකව තබාගෙන මාදිවල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවසක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කඩවත ප්‍රදේශයේ පදිංචි දේපළක් හිමි අනුර කුමාර දිසානායකට මාදිවෙල නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් ලබාදී ඇති බව පවසමින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන දර්ශන තන්ත්‍රිගේ විසින් මෙම පැමිණිල්ල කර ඇත්තේ එය දූෂණයක් බව පෙන්වා දෙමිනි.
“නියමිත ක්‍රියාපටිපාටිය අනුව මාදිවෙල නිවාස යෝජනා ක්‍රමයෙන් මන්ත්‍රීවරයකුට නිවසක් ලබා දෙන්නේ නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 25ක් ඇතුළත නේවාසික දේපළක් නොතිබිය යුතුයි. නමුත් කඩවත ප්‍රදේශයේ නිවස පිහිටා තිබෙන්නේ කිලෝමීටර් 25කටත් අඩු දුරකින්” දර්ශන තන්ත්‍රිගේ චෝදනා කරයි.
ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්නැයි ඔහු ඉල්ලා සිටියි.
අල්ලස් කොමිසම විසින් නිකුත් කර ඇති වත්කම් ප්‍රකාශය අනුව කඩවත රන්මුතුගල ප්‍රදේශයේ පදිංචි දේපළ ඔහුගේ බිරිඳගේ නමට මිලදී ගෙන ඇත.







