රත්වත්තේ කළ අපරාධය මානව හිමිකම් කමිටුව තුළම සිර කරගන්න එපා… ඉන් ඔබ්බටත් අරන් යන්න…

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි!

දිනසේන රතුගමගේ –

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ  අනුරාධපුර බන්ධනාගාරයේදී දෙමළ දේශපාලන සිරකරුවන්ට අවි පෙන්වා බියකොට තර්ජනය කිරීම හා ඔවුන්ට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව තුළම සිර කර නොගෙන එය ඉන් ඔබ්බට රැගෙන යායුතු ලෙස තමන්  ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි බව  දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්  අද 16 දා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

සිරකරුවන් පුනරුත්ථාපනය කළ යුතු විශාල වගකීමක් ඇති ඇමතිවරයෙකු අතින් මෙවැනි සිද්ධියක් සිදුවීම ගැන කිසිම සමාවක් නොදිය යුතුයි. ජිනීවා මානව හිමිකම් මණ්ඩලයත් මේ සිද්ධිය ගැන කණගාටුව ප්‍රකාශ කිරීමෙන් පලක් නෑ. නිවේදන නිකුත් කිරිමෙන් වැඩක් නෑ. අපි අවධානයෙන් ඉන්නවා කීමෙන් ප්‍රයෝජනයකුත් නෑ. මේ ප්‍රශ්නය එතැන සිරකරගෙන තබා ගැනීමෙන් පලක් නෑ. ජිනීවා මානව හිමිකම් කමිටුව මේ ගැන ඊට එහා යමක් කළ යුතු වෙනවා.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පමණක් මේ බැරෑරුම් සිද්ධිය කෙලවර නොවිය යුතු බව පවසන දෙමළ ජාතික ජනතා පෙරමුණ  බලහත්කාරයෙන් ඇතුලුවිම, අයුතු ජන රාශිය, ගිනි අවි භාවිතය,  තර්ජනය කිරීම් යන වරද  සඳහා ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ඔහුට එරෙහිවත් බන්ධනාගාරවල නිලධාරීන්ටත් එරෙහිව ක්‍රියාත්මක විය යුතු බව ද පෙන්වා දෙයි.

Exit mobile version