රත්මලාන දුම්රියපොල ඉදිරිපිට ඇති වෙළෙඳසලක් තුළ දී ඊයේ (21) රත්රියේ එම වෙළෙඳසල් හිමිකරුට වෙඩි තබා ඝාතනය කර ඇත.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයන් දෙදෙනෙක් විසින් පිස්තෝලයකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබේ.
ඝාතනයට ලක් වී ඇත්තේ රත්මලානේ අරලිය නිවාස ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මේ වනවිට මෘත ශරීරිය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති බවත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් පොලිසිය පවසයි.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.