කොවිඩ් අවදානම හේතුවෙන් දැනට දිවයිනේ පාලිස් වසම් හා ග්‍රාමසේවකවසම් සියයකට වඩා මේ වනවිට හුදකලා කර ඇති නමුත් මුළු රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවයක් දැනට පැන නගින්නේ නැති බව රජය කියයි.
කොවිඩ් රෝගීන් සැලකිය යුතු ලෙස ඉහළගියහොත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න පැහැදිලි කෙරුවේය..
මේ අතර දැනට පවතින තත්වය සමාලෝචනය කර රජයේ කාර්යාල සහ සේවා ස්ථාන පිහිටි දිස්ත්‍රික්කවලට පිටත දිස්ත්‍රික්කවලින් සේවකයන් කැඳවීම සීමා කරන්නැයි ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
බැසිල් රාජපක්ෂකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී මේ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට උදෙස් ලබා දී ඇති බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.