බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රට හදන්න එන්න කිව්වා… කවුරුත් ආවේ නෑ…“  තනියම රට හදන බව අගමැති කියයි..

“ජනාධිපතිත් මමමත් මේ දවස්වල හැම තත්ත්පරයක්ම ගත කරන්නේ අර්බුදය විසඳන්න...“ රට හදන බව කීවත් හදන හැටි නොකී  අගමැති...

by editor
අප්‍රේල් 11, 2022
in පුවත්
Mahinda
Share on FacebookShare on Twitter
  • යුද්ධය ජය ගෙන අනාගතයේ විදුලිය කපන්නේ නැති රටක් හදනවා කියල වැඩ කළත් පසුගිය රජය රට ව්‍යසනයකට යැව්වා… මේ අර්බුදය එහි ප්‍රතිඵලයක්…

  • පවුලේ අයට මොනතරම් අපහාස කළත් අපහාස කළත් විඳගන්න පුලුවන්… ජනාධිපතිත් එක්ක හැම තත්පරයක්ම ගත කරන්නෙ අර්බුදය විසඳන්න… දැවැන්ත වැඩපිළිවෙළකින් අර්බුදය විසඳනවා….

  • තරුණයන් 60000ක් මරා දැමූ අඳුරු අතීතියට ආයෙත් රට ගෙනියන්න එපා… කාබනික වැඩ සටහන නවත්වනවා… පොහොර සහනාධාරය දෙනවා.

ජනාධිපතිවරයාත් තමනුත් මේ මොහොතේ ගත කරන සෑම තත්ත්පරයකම උත්සාහ කරන්නේ පවතින අර්බුදයට විසඳුමක් සෙවීමට බවත් තමන්ට සහ පවුලේ අයට එල්ල වන නින්දා අපහාස විඳගෙන  අදාළ අභියෝගවලට  මුහුණ දීමට තමන්ට පන්නරය තවමත් පවතින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. පවතින අර්බුදය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්  අග්‍රමත්‍යවරයා මේ බව කීවේය.

රට බරපතල ආගාධයකට වැටී ඇති බව පිළිගත් අගමැති මහින්ද රාජපක්ෂ   මේ මොහොතේ රට ගොඩ ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනය කළත් එක් පක්ෂයක්වත් ඊට නොපැමිණි බව ද ප්‍රකාශ කළේය.

ඔවුන් කවුරුන් වගකීම නොගත්තද මේ මොහොතේ රජයක ලෙස එහි වගකීම ගන්නා බව ද අවධාරණය කළ අගමැතිවරයා අර්බුදය ජය ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක නිරතව සිටින බව ද සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මෙසේ ද කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“කොරෝනවලින් බේරගත්තත් අද බරපතල අර්බුදයකට ආර්ථිකය වැටී තිබෙනවා. තෙල් නැව මුහුදේ  බලා සිටියදී  නැව බාගන්න ඩොලර් නැති තත්තවයට පත්වෙලා තිබෙනවා. යුද්ධය ජය ගෙන අනාගතයේ විදුලිය කපන්නේ නැති රටක් හදනවා කියල වැඩ කළත් පසුගිය රජය අපේ වැඩ පිළිවෙළ ගෙන  නොගිය නිසයි අද මේ අර්බුදය ආවේ.

ඒක තමයි ඇත්ත.  කවුරු වුණත් බලයේ ඉන්න ආණ්ඩුව වගකීම බාර ගත යුතුයි පෝලිම්වල ජනතාවගේ දුක් වේදනවා අපට තේරෙනවා.

අපි පාර්ලිමෙන්කුව නියෝජනය  කරන හැම පක්ෂයටම ආරාධනය කළා රට ගොඩ ගන්න ඒත් ආවෙ නෑ. කවුරු වගකීම නොගත්තත් අපි වගකීම ගන්නවා.  තිස් වසරක මරණ බය අපි ත්‍රස්තවාදය පරදමින්  තුරන් කළේ වේදනාවකට ජනතාව පත් කරන්න නෙවේ. නවීන පාරවල් හැදුවේ පෝලිම්වල තියන්න නෙවේ.  වරාය හැදුවේ නැව්වලට පෝලිමේ ඉන්න නෙවේ. කොරෝනා මධ්‍යස්ථාන හදල  කොත්තමල්ලි කෝප්පයේ ඉඳල දීල ඔබ රැක ගත්තේ  කඳළු ගෑස් වෙඩි උණ්ඩවලට  බිලි දෙන්න නෙවේ. අපි උපරිම කැප කිරීම් කරපු ජාතියක්.

මතක කිය ගන්න… අත්හැරීමත් අහිමි වීම දේශපාලනය කරන  අපි හොඳට පුරුදුයි. අද  පාර්ලිමේන්තුවේ 225ම එපා කියනවා.  ඒ අයට  අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ කිරීම නම් එහි විපාක දැන ගත යුතුයි. පාර්ලිමේන්තු ප්‍රජාතන්තුවාදය ප්‍රතික්ෂේප කිරීම නිසා කාලයක්  පාරවල් ටයර් සෑ මත තරුණයන් දහස් ගණනක් මළ මිනි 60,000කට ආසන්න තරුණ ජීවිත අපට නැති වුණා.

ඒ අඳුරු අතීතතයට  ආයෙත් සැරයක් ගෙන යන්න එපා. අර්බුදය  ජය ගන්න දැවැන්ත වැඩ පිළිවෙළක යෙදී තියනවා. ජනාධිපතිවරයත් අපත් හැම තත්පරයක්ම ගෙවන්නේ  අර්බුදය විසඳගන්න.

මොන තරම් හොඳ  තිබුණත් කාබනික පොහොර වැඩපිළිළෙට මෙය වෙලාව නෙවේ. පොහොර සහනාධාරය යළි ලබා දෙනවා.  ඉක්මනින් මේ අර්බුදය නවත්වන්න අපි කටයුතු කරනවා.

සෑම තත්පරයකම අපේ රටට ඩොලර් ලැබෙන අවස්ථා නැති වෙනවා. මේ රට බේරා ගැනීම ශක්තිය ණය දෙන හැමෝටම අපි ආරාධනය කර තිබෙනවා.  අපි දන්නවා අසීමිත ලෙස  මටත් පවුලේ අයටත් කියල තියන නින්දා අපහාස . ඒවා අපට දරා ගන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන්   ඉන්න රාජකාරියේ ඉන්න රණ විරුවන්ට පොලිසියට අපහාස කරන්න  එපා. කොරෝනා වසංගතයෙන් ඔබ බේරා ගන්න මහා පරිත්‍යාගයක් කළේ රණ විරුවන්.

“දුවේ පුතේ ඔබේ අතේ තියන ජාතික කොඩි මේ බිමේ ඕනම තැනක ඔසවන්න පුළුවන්  රටක් හැදුවේ අපි.“යයිද ඔහු එහිදී පැවසීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත උපන් බිළිඳුන් අනතුරේ… බේරා ගන්න සහය දෙන්න… ශ්‍රී ලංකා “Perinatal” සමාජය ඉල්ලයි!

Next Post

ඩීසල් පෝලිමක සිටි තවත් අයෙක් මැරී වැටෙයි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.