ශ්‍රියානි විජේසිංහ –
ඉන්දියාවේ කේරළය ඇතුලු රටවල් කීපයක පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදයේ JN.1 කොවිඩ් වයිරසයේ ජාන විශ්ලේෂණයන් පරික්ෂා කිරීම ජනවාරි මුල්සතිය තුළ ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යායතනය අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කරයි.
තම ජිවි විද්‍යායතනයේ පර්යේෂණ කටයුතු සදහා රෝගීන්ගෙන් ලැබෙන නියැදි මෙසේ පරික්ෂාවට ලක්කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීම් කරන්නේ නම් පමණක් එම නියදි පරික්ෂා කිරීම භාර ගන්නා බවත් මහාචාර්යවරයා පැවසුවේය.
මේ වන විට මෙරට පැතිර වෛරසය කුමක්ද යන්න පිලිබඳව කුමන කොවිඩ් වර්ගයට අයත් වුවක්ද යන්න පිලිබඳව නිවැරදිව කීමට හැකියා ඇත්තේ ජාන විශ්ලේෂණ පරික්ෂාවෙන් අනතුරුව යැයිද හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් ඉන්දියාවේ පැතිර යන ඔමික්‍රොන් වෛරසය පිලිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් මෙය සාස් කොවිඩ් 2 වෛරසයේ අහිංසකම වෛරසය බවත් මහාචාර්යවරයා පෙන්වාදේ.







