සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අනාගත ආර්ථික ස්ථාවරය තහවුරු කරන්න අද ඇරඹූ සංවර්ධන ව්‍යාපෘති 03ක්…

by editor
අප්‍රේල් 5, 2025
in පුවත්
Anura-Modhi
Share on FacebookShare on Twitter
  • සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීමට හා විවෘත කිරීමට ජනපති සහ ඉන්දීය අගමැති එක් වෙයි

  • ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹේ

  • උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ආගමික ස්ථාන 5000ක පියසි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංචාරයට සමගාමීව ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 03ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම අද (05) පෙරවරුවේ සිදු කෙරිණි.

සාම්පූර් විදුලි බලාගාරය –

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය සහ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි  අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් පසු නායකයෝ මෙම අවස්ථාවට එක් වූහ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදු  විය.

ඉන්දියාවේ එන්ටීපීසී (NTPC) ලිමිටඩ් සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සම හවුල්කාරිත්වයෙන් සංස්ථාගත කළ ත්‍රිකුණාමල විදුලිබල සමාගමෙන් ඉදිකිරීමට නියමිත සාම්පූර් සූර්ය විදුලි බලාගාරය දිගුකාලීන බලශක්ති උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම (LTGEP) අනුව ස්ථාපිත කිරීමට නියමිත ඊසානදිග පුනර්ජනනීය බලශක්ති කලාපයේ කොටසකි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය අදියර දෙකකින් සැලසුම් කර ඇති අතර දෙවන අදියර 2027දී ආරම්භ කිරීමට නියමිතය. අක්කර 500ක භූමි ප්‍රදේශයක් මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති අතර මෙහි පළමු අදියර යටතේ මෙරට ජාතික විදුලිබල සැපයුමට එක් කරන විදුලිබල ධාරිතාව මෙගාවොට් 50ක් වේ. N-type TOPCon solar cells යන නවීනතම තාක්ෂණය සහිතව ඉදිවන මෙම ව්‍යාපෘතිය මගින්, බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවීමත්, මෙරට බලශක්ති පද්ධතිය තවදුරටත් ෆොසිල ඉන්ධන මත යැපීම වෙනුවට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු කර වීමත් අපේක්ෂා කරයි. ඒ අනුව, සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය තුළින් වායුගෝලයට වාර්ෂිකව විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය, ටොන් ලක්ෂ 02කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය

පසු අස්වනු හානිය 40%කින් පමණ අවම කර ගැනීම, කෘෂි නිෂ්පාදන මිලෙහි උච්චාවචනය පාලනය කිරීම, පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සැපයීම සහ කෘෂිකාර්මික තිරසාරභාවය වැඩිදියුණු කිරීම ආදී අරමුණු සහිතව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක් සහිතව ඉදි කළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණයත්  (ශීතාගාරය) අද මෙලෙස විවෘත කෙරිණි.

විවිධ භෝග සඳහා ප්‍රශස්ත ගබඩා ක්‍රම පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම ගබඩාවේ කුටි හයක් ස්ථාපිත කර ඇති අතර, එම සෑම කුටියක්ම විවිධ දේශගුණික තත්ත්වයන් අනුකරණය කරමින් ඉදි කර තිබේ. මෙරට ඉදිකළ මෙවන් ආකාරයේ පළමු ගබඩා සංකීර්ණය වන මෙහි සමස්ත වියදම රුපියල් මිලියන 524කි. ඉන් රුපියල් මිලියන 300ක් ඉන්දීය රජයේ ප්‍රදානයක් වන අතර ශ්‍රී ලංකා රජයෙන් මේ සඳහා රුපියල් මිලියන 224ක් වැය කර තිබේ.

සූර්ය පැනල 500ක්

ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය යනු දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා සියලුම ආගම් නියෝජනය වන පරිදි තෝරා ගත් ආගමික ස්ථාන 5000ක් සඳහා සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියකි. ඉන්දීය රජය මේ සඳහා ඩොලර් මිලියන 17ක් ආයෝජනය කර ඇති අතර, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා විදුලි සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික හා ක්‍රිස්තියානි පූජනීය ස්ථානයන්හි වහල මත 5 kW ධාරිතාවකින් යුත් සූර්ය පැනල පද්ධති 5,000ක් ස්ථාපනය කෙරේ. මෙමගින් මෙරට බලශක්ති ජාලයට මෙගාවොට් 25ක සූර්යබල ධාරිතාවක් එකතු කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය තුළින් පිරිවැය ඵලදායී, තිරසර හා විශ්වාසනීය බලශක්ති පද්ධතියක් කෙරෙහි වන රජයේ මෙහෙවර අවධාරණය කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදි එනවිට කොළඹ රත් කරන්නට හැදූ පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණය වැලකුණු හැටි!

Next Post

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනේ!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.