අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටපුරා ඔමික්‍රොන් ව්‍යාප්ත වෙන්න නියමිතයි… බූස්ටර් මාත්‍රාව නොගත්තොත් තත්ත්වය බරපතල වේවි –

ආචාර්ය ජීවන්දර පුරෝකථනය කරයි... එන්නතින් එන සුලු සංකූලතාවලට වඩා කොවිඩ් රෝගයේ සංකූලතා මාරාන්තිකයි!

by editor
ජනවාරි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

ලොවපුරා වේගයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය මේවන විට ලංකාවටද ආක්‍රමණය කර ඇත. දැන් ලංකාව පුරාම කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත  රෝගීන් වාර්තා වෙමින් පවතී. පාසල්ද මුලුමනින්ම විවෘතකර ඇත. නිවසේ සිට රාජකාරි කළ කාලයක අවසන්ය.  කෙසේ නමුත්  ඔමික්‍රෝන් වයිරසයෙන් බේරීමට  බූස්ටර් එන්නත ලබා ගැනීමට කඩිනම් කරනලෙසට සෞඛය අංශය මහජනතාව කොතෙකුත් දැන්වත් කලද මේ වන විට එය ලබා ගෙන ඇත්තේ රටේ ජනගහනයෙන් සියයට 30කප්‍රමාණයකි. මේ තත්ත්වය මත අපට ඔමික්‍රෝන්වලට මුහුණ දීමට හැකිවෙිවිද?

මේ  අප ඒ සම්බන්ධයෙන්   ශ්‍රී ජයවර්ධනපු විශ්ව විද්‍යාලයේ  අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව  විදායාතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මහතාගෙන් කළ විමසීමකි.

ප්‍රශ්නය – මේ වන විට ශ්‍රී ලංකාව තුළ  ඔමික්‍රෝන් වයිරසයේ පැතිර  යාමේ ප්‍රවනතවා කොයි වගේද?

පිළිතුර – කොවිඩ් 19 රෝගය පැතිරීම ආරම්භ වූ දින සිටම අපි සෞඛ්‍ය අමාත්‍යංශයට ජාන විශ්ලේෂණ වාර්තාවක් සෑම මාසයක් තුළම  ලබා දෙනවා. මේ වර්ෂයේ පළමු වාර්තාව ඊයේ  (15) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට ලබා දුන්නා.  මෙහිදී අප ආසාදිතයින්ගෙන් ලබාගත් නියැදි 182ක් ජාන පරික්ෂාවට ලක් කළා. ඉන් නියැදි 160ක්ම ඔමික්‍රොන් වයිරසය ආසාදනය වූවන්.  ඉතිරි විසි දෙදෙනාම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්.

ප්‍රශ්නය –  මෙම නියැදි ජයවර්ධනපුර රසායනාගාරයට යොමු වුණේ කුමන ප්‍රදේශයන්ගෙන්ද,  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුර – අපිට මෙම නියැදි  යොමුකළේ කටුනාය ගුවන්තොටුපල ආශ්‍රිතව පවතින රසායනාගාරවලින්

ප්‍රශ්නය – එම රසායනාගාරවලින් ලැබුණු නියැදි අයත්ව තිබුණු පුද්ගලයින් මොන මොන ප්‍රදේශවලින් හදුනා ගත් අයද? 

පිළිතුර – කොළඹ, ගාල්ල, මාතර, නුවර , ගම්පහ, සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවලින් හදුනා ගත්තා අය 

ප්‍රශ්නය –  දැනට ලෝකයේ හඳුනාගෙන තිබෙන ඔමික්‍රොන්  අනුප්‍රභේද සංඛ්‍යාව කොපමණද? ඒවා මොනවදා?

පිළිතුර  – දැනට ලෝකයේ ඔමික්‍රෝන් අනු ප්‍රභේද තුනක් හඳුනාගෙන තිබෙනවා. Ba1, Ba2,  Ba3   වශයෙන් 

ප්‍රශ්නය – දැනට ලංකාව තුළ දක්නට ලැබෙන්නේ මේ කුමන අනු ප්‍රභේදයන්ද?

පිළිතුර – ,ලංකාව තුල . Ba1,  Ba2 කියන අනු ප්‍රභේද දෙකම හඳුනා ගත්තා. . Ba1 කාණ්ඩයෙන් 139ත් Ba2 කාණ්ඩයෙන් සාම්පල 17 හඳුනා ගත්තා. 

ප්‍රශ්නය – මේ ප්‍රභේද දෙක අතර පවතින වෙනස කුමක්ද ?

පිළිතුර – Ba 1 ප්‍රභේදයට වඩා Ba 2 ප්‍රභේදයේ ප්‍රතිශක්තිය මගහැර යාමේ හැකියාව වැඩියි කියලා අනුමාන කරනවා. Ba 2 කොතරම් දරුණු  තත්ත්වයක්  බවට පත්වෙයිද කියන එක ගැන පර්යේෂණ කරමින් පවතිනවා. 

ප්‍රශ්නය – ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රොන් ප්‍රභේදය සතුව පවතින ලක්ෂණවල  පවතින වෙනස්කම් මොනවාද?

පිළිතුර – ඩෙල්ටා ප්‍රභේදයට වඩා ගද සුවද දැනීම ඔමික්‍රෝන ප්‍රභේදයේ අඩුබවක් තිබෙන බව  ලොව පුරා කරන ලද පර්යේෂණයන්ගෙන් හෙලිව තිබෙනවා. උගුරේ වේදනාව  ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුවට ඔමික්‍රෝන් ප්‍රභේදයේ දක්නට ලැබෙනවා.  

ප්‍රශ්නය – කොවිඩ් එන්නත් ඔමික්‍රෝන් ප්‍රභේදයට කෙසේ බලපෑම් ඇති කරයිද?

පිළිතුර – එන්නත් එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයෙකුට  ඔමික්‍රෝන් ප්‍රභේදය  ශරීර ගත වුවහොත්  ඔහුට  රෝහල් ගත වීම සියයට 54න් අඩුකරනවා.  එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති 2  සති  24ත් අතර කාලයේදී  සියයට 64  රෝහල් ගතවීම අඩුකරනවා. මෙය සති 25 වන විට  එනම්   මාස 6 පසු වූවාට පසුව  ආරක්ෂාව සියයට 44 දක්වා අඩුවෙනවා.

 මෙවැනි පුද්ගලයෙක් බූස්ට ඩෝස්එක ලබාගත් විට ප්‍රතිශක්තිය සියයට 84 දක්වා වැඩිවෙනවා.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ මේ වන විට බුස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ සියයට 30ක ප්‍රමාණයක් පමණයි. මේ තත්ත්වය තුළ අපිට ඔමික්‍රෝන්වලින් මිදී සිටිය හැකිද?

පිළිතුර – ඔමික්‍රොන් ප්‍රභේදය මේ වන විට  වේගයෙන් පැතිර යනවා. එංගනන්තය,  දකුණු කොරියාව වැනි රටවල්වල මේ වන විට රෝගය වේගයෙන් පැතිර යනවා. නමුත් ඔවුන්ගේ රටේ සියයට 50ට වැඩි පිරිසක් බුස්ටර් එන්නත ලබාගෙන තිබෙන නිසා දරුණු තත්ත්වයට පත්වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙනවා. තව නොබෝ දිනකින් අප රටපුරා මෙම ප්‍රභේදය   පැතිර යාමට හැකියි. එහෙම වුණොත් අපි බූස්ටර් එන්නත ලබා ගෙන තිබුණොත් රෝහල් ගත වීම් හා බරපතල සංකූලතාවන්ට ලක්වීම අවම කර ගත හැකිවෙයි. 

ප්‍රශ්නය – එන්නත් මාත්‍රා දෙකකම ලබා ගත් පුද්ගලයින් බූස්ටර් එන්නතක් අවශ්‍ය වන්නේ ඇයි?

ඔමික්‍රෝන් ප්‍රභේදය  වේගයෙන් පැතිරෙනවා. මෙම ප්‍රභේදයේ  විකෘතිතා තිබෙන නිසා ශරීරය තුළ තිබෙන ප්‍රතිශක්තිය මගහැර යාමේ හැකියාව පවතිනවා. රෝගය ඇතිවීම වලක්වා ගැනීමට උපරිම මට්ටමේ  ප්‍රතිශක්තියක් ශරීරය තුළ තිබිය යුතුයි. මෙහිදී   වයිරසය ආසාදනය වී  මියයෑම අවම කිරීම හා දරුණු රෝග තත්ත්වයන් ඇති වීම වැලැක්වෙනවා. . මාත්‍ර දෙකම  ලබා ගත් පුද්ගලයෙක් බූස්ටර මාත්‍රාවත් ලබා ගත්තේ නම් ප්‍රතිදේහ තවත් පස්ගුණයකින් වැඩිකිරීමේ හැකියාව පවතිනවා.  ඒ නිසා  නව ප්‍රභේදයට මුහුණ දීම සදහා ශරීරය සූදාම් කිරීමට බූස්ටර් එන්නත ලබා ගැනීම වැදගත්.

එසේම  බූස්ටර් එන්නත ලබා ගත්    පුද්ගලයින්ට කොවිඩ් වයිරසට ශරීර ගත වුවද රෝග ලක්ෂණවල පවතින  දරුණු භාවය අඩුයි.  එසේම  රෝග ලක්ෂණ පවතින කාලය අඩුයි.   වෙනත් කෙනෙකුට බෝකිරිමේ හැකියාවත් අවමයි.  රෝහල් ගත වීම හෝ මරණයට පත්වීම අඩුයි.

ප්‍රශ්නය – බූස්ටර් එන්නත ලබාගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ වැඩියිද?

පිළිතුර – බූස්ටර් එන්නත ලබාගැනීමෙන් අති වෙන්නේ සුලු අතුරු ආබාධයන්. උණ, ඇගපත වේදනාව, මස්පිඩු වේදනාව වැනි ලක්ෂණයන්. නමුත් බූස්ටර් එන්නත ලබා නොගැනිම හේතුවෙන් යමෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් ඇතිවන සංකූලත්වන් හේතුවෙන් බරපතල තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්‍.

ප්‍රශ්නය – ෆයිසර් එන්නත ලබා ගැනීමෙන්  හෘදය ආශ්‍රිත ගැටලු මතුවෙන්නේද?

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පිළිතුර – මෙම ඒන්නත සම්බන්ධයෙන් ඇතිවිය හැක්කේ ඉතාමත් සුළු තත්ත්වයක් . නමුත්කොවිඩ් 19 නිසා  හෘදය ආශ්‍රිතව දරුණු තත්ත්වන් ඇතිවී මිය යන අවස්ථවෙන් පවා තියෙනවා.   එනන්ත නිසා හෘදයාබාධ ඇතිවී මිය යෑම් වාර්තාවෙන්නේ නැති තරම්.  නමුත් රෝගය නිසා හෘදයවස්තුව ආශ්‍රිතව සංකූලතා ඇති වෙනවා. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගොවියා අමතක කරන්නෙ නෑ… නෑ… නෑ… අවුරුදු 05 වැඩටික 03න් කරනවා… ජනපති කියයි!

Next Post

ලබන මස සිට ඉන්ධන අර්බුදය උග්‍රයි… ජනපති හදිසි රැස්වීමක් කැඳවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.