රටට බත දෙන මහවැලි ගොවීහු වී වගාව අත්හැරීමට සැරසෙති… ගොවීන් 2000ක් පොහොර ඉල්ලා අදත් උද්ඝෝෂණයේ…

පොහොර නැතිනම් හෙක්ටයාර 22801ක වී ගොවීන්  වගාවෙන් ඉවත්වන බව අද ප්‍රකාශ කරති...

මනම්පිටිය – නිමල් ජයරත්න –

පොහොර නැතිනම්   හෙක්ටයාර 22801ක වී  වගාවෙන් ඉවත් වන බව  මහවැලි සී කලාපයේ නුවරගල කොට්ඨායේ ගොවිහු   අද යළිත් මහ පාරට බැස කියා සිටියහ.

පොහොර ඉල්ලමින් ගොවීන් 2000ක් පමණ  නුවරගල නගරයට එක් වී කළ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ පොලොන්නරුවේ ප්‍රධානම ගොවි සංවිධානවන  පොලොන්නරුව දිස්ත්‍රික් නුරවරගල මහවැලි කොට්ඨාස ගොවි සංවිධානය සහ පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි අරගල ව්‍යාපාරය විසිනි.“කයිවාරු ඇති, ප්‍රමිතියෙන් යුතු පොහොර දෙනු ….“  “සෞභාග්‍යයේ දැක්ම ගොවීන් වළට දැමීම ද?…“
“පොහොර නැතිව වතුර එපා….“  “පළිබෝධ හානිවලට වැඩපිළිවෙළක් සකස් කරනු,..“ ආදී සටන් පාඨ සහිතව නුවරගල යක්කුරේ මාර්ගය අවහිර කරමින්  ඔවුහු මෙම උද්ඝෝෂණය දියත් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා දෙන ලෙසය.  උල්හිටිය හා රත් කිඳ ජලාශය යටතේ මේ මස 20 වෙනිදා හෙක්ටයාර 22801 වී වගා කිරිමට නියමිතව තිබුණද පොහොර ලබා නොදුන්නොත් වී වගාව අතහරින බවත් ඔවුහු කීහ.


Exit mobile version