බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට ඕන මිනිහෙක්… ලක්ෂ 18ක දෙස් විදෙස් මුදල් සහිත විදේශිකයෙකුට අයත් අත් බෑගයක් අමතකව දමා ගොස් තිබිය දී සොයාගෙන අවන්හල් හිමියා යළි විදේශිකයාටම භාර දෙයි…

දඹුල්ල ,පැල්වෙහෙර ආරිය රෙස්ට් අවහන්හලේ පරිපාලනයට රට වෙනුවෙන් සැලියුට් එකක්....

by editor
සැප්තැම්බර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

කොළඹ සිට සීගිරිය නැරඹීමට පැමිණ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි අවහන්හලකින් ආහාර ගැනීමට නැවතුන විදේශීය සංචාරකයෙකුගේ අමතකවී ගිය රුපියල් ලක්ෂ 18 කට අධික දේශීය මුදල් හා විදේශීය මුදල් විශාල ප්‍රමාණයක් සහිත අත් බෑගය යළිත් ඔහුටම සුරැකිව භාර දීමට එම අවන්හල් හිමියා ඊයේ (22) සවස කටයුතු කර තිබිණි.

සංචාරක ක්ෂේත්‍රයෙන් ජාතියක් ලෙස නැගී සිටීමට උත්සාහ දරන මෙවැනි මොහොතක රටේ ප්‍රතිරූපය පිළිබඳව මානුෂික සහතිකයක් ලබා දෙමින් මෙම අවන්හල් හිමියා විසින් සිදුකළ උතුම් ක්‍රියාව මේ වනවිට ක්ෂේත්‍රය තුළ ඇගයීමකට ලක් වෙමින් තිබේ. සංචාරකයින්ගේ මුදල් සහිත අත් බෑග් කොල්ල කෑම, සංචාරකයින්ට පහරදීම වැනි නින්දා සහගත අප්‍රසන්න සිද්ධි මතුවෙමින් තිබෙද්දී මෙම අවන්හල් හිමියා ලබා දුන් ආදර්ශය ජාතික වශයෙන් වැදගත්කමක් ඇති බව ක්ෂේත්‍රය තුළ අවධාරණය වෙමින් ඇත.

ටෙනී මාර්ටින් ස්ටයිම්

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ටෙනී මාර්ටින් ස්ටයිම් නම් මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා සිය පවුලේ තවත් සාමාජිකයින් තිදෙනෙකු සමගින් දින 12 ක සිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. ඔහු පැමිණ තිබුනේ සංචාරය සඳහා තෝරා ගත් වෑන් රථයකිනි.

ඊයේ ( 22 ) දහවල් සීගිරිය නරඹා සිය දහවල් ආහාර ගැනීම සදහා හවස 2.00 ට පමණ ඔහු ඇතුළු කණ්ඩායම දඹුල්ල ,පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි ආරිය රෙස්ට් අවහන්හල වෙත පැමිණ තිබිණි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

දහවල් ආහාරය ලබා ගැනීමෙන් පසු ඔවුන් 22 රාත්‍රියේ නවාතැන් ගැනීමට නියමිත සීගිරිය ප්‍රදේශයේ හෝටලය වෙත නැවත පිටත්ව ගොස් තිබේ.

එසේ සිය නවාතැන් පලට පැමිණි අවස්ථාවේ තම මුදල් ඇතුළු වටිනා අත් බෑගය තමන් ලඟ නොමැති බව දැනගත් ටෙනී මාටින් ස්ටයිම් ඒ පිලිබඳව කළබල වී ඔවුන්ට පෙන්වීම සදහා පැමිණි සංචාරක මාර්ගෝපදේශකවරයාට ඒ බව දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ එම සංචාරක මාර්ගෝපදේශකවරයා එම විදේශීය සංචාරකයින් පිරිස ආහාර ගනු ලැබූ අවන්හලේ හිමිකරුව දුරකථනයෙන් අමතා එම විදේශිකයා සතුව තිබූ අත් බෑගය නැතිවීම ගැන දැනුම් දී ඇත.

ඒ අවස්ථාවේ දී එම අවන්හලේ හිමිකරු වන කේ.පී.ආරියදාස එය සුරක්ෂිතව තම අවන්හල තුළ තබා ඇති බවත් එය ලබා ගැනීම සඳහා එහි හිමිකරුව කැඳවාගෙන එන ලෙසත් දැනුම් දී ඇත.

ඒ අනුව පැය 04 කට පමණ පසු තමන් ආහාර ගත් අවන්හලේ අමතක වී ගිය මුදල් හා අනෙකුත් උපකරණ ඇතුළත් අත් බෑගය සුරක්ෂිතව තිබෙනු දුටු ටෙනී මාර්ටින් ස්ටයිම් මහත් සතුටට පත් වී තිබිණි.

සියලු දෙනා ඉදිරියේ එම විදේශිකයාට අයත් අත් බෑගය ඔහුගේ අතින් විවෘත කරන ලෙස අවන්හල් හිමි ආරියදාස ඉල්ලා සිටියේය. තම මුදල් සුරක්ෂිතව ඒ ආකාරයෙන් පවතින බව ටෙනී කීවේය. එම මුදල් ගණනය කිරීමට අවශ්‍ය නොවන බවත් බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඊට අකැමැතිවූ එම අවන්හල් හිමියා එම විදේශීය සංචාරකයා ඉදිරිපිට ඔහු සතු දේශීය හා විදේශීය මුදල් එකින් එක එම විදේශීය සංචාරකයා ඉදිරියේ ගණන් කර කොලයක ලියා නිවැරදි බවට සනාථ කර තිබිණි.

අත් බෑගය තුල තිබුණු රුපියල් දාසය ලක්ෂ විසිදහසක් වටිනා දේශීය මුදල් හා රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් ඕස්ට්‍රේලියානු ඩොලර් 515 ක්ද නැවත ඒ අයුරින්ම ආරියදාස විසින් ටෙනී වෙත භාර දුන්නේය.

වසර 50 ක් ඕස්ට්‍රේලියාවේ ස්ථීරව පදිංචි වී සිටින මෙම ටෙනී මාර්ටින් ස්ටයිම් මෙරට උපත ලද පුද්ගලයෙකු වීම විශේෂිතය. ඔහු සිය මවුරට දැක බලා ගැනීමට පැමිණි අවස්ථාවේ මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා ඇත.

මෙම අවන්හලේ සේවකයින්ගේ අවංකභාවයට කෘත ගුණ දැක්වීමක් ලෙසට එම සේවකයින් වෙත ඔහු සතු මුදලින් රුපියල් 50,000 ක මුදලක් බෙදාදීමට මෙම විදේශීය සංචාරකයා පසුව කටයුතු කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සියලුම විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි…

Next Post

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අවුරුදු 2ක් හිරේට…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.